එකම පෙම්වතෙක් බෙදා හදා ගන්නා සිරුරින් එකට බැඳී සිටින පෙම්වතියන් දෙදෙනෙකු ගැන වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

ගංගා හා ජමුනා යන මෙම සොහොයුරියන් දෙපළ එකම උදරයක් හා පාද යුගලක් ඇතිව එකට බද්ධ වී සිටිති.දෙදෙනාටම දෙදෙනාගේම නියා දෑත් යුගල බැගින් ඇත.අනෙක් අවයවද දෙදෙනාට වෙන් වෙන් වශයෙන් පිහිටා ඇතැයි වෛද්‍යවරු කියති.

ඔවුන් ජීවිකාව සරිකර ගන්නේ සර්කස් කණ්ඩායමකට සම්බන්ධව ශිල්ප පෙන්වමින්ය.ඔවුන්ට ඔවුන්ගේ පෙම්වතා හමුව ඇත්තේ එහිදී බව සදහන්ය.

දුටු ගමන්ම ආදරයක් ඇතිවූවේයැයි ඔහු මෙන්ම සොහොයුරියෝ දෙපළද කියති.

ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක් වන අතර සොහොයුරියන් දෙදෙනාගේ හැඟීම් දැනීම් තමන්ට හොදින් තේරුම්ගත හැකි බව ඔහු කියයි.

සර්කස් සංදර්ශනයන් පැවැත්වෙන ස්ථානයන් කරා සොහොයුරියන් දෙදෙන රැුගෙන යන්නේද ඔහුය.

තමන්ට කිසිදිනෙක නොලැබේයැයි සිතූ අයෙක් ලැබුණේයැයිද දැන් තමන්ගේ ජීවිතය සම්පූර්ණ යැයිද ගංගා හා ජමුනා සොහොයුරියෝ පවසන්නාහ.