හදවත දුර්වල වූ රෝගින්ගේ අවපීඩන තත්ත්වය ගැන සොයා බැලිය යුතු අතරම මනෝ උපදේශනයටත් යොමුකළ යුතු බව විද්‍යාඥයෝ කියති.

මේ ගැන සරල අධ්‍යයනයක් කැර ඇති යුරෝපීය හෘද සංගමය පවසා ඇත්තේ අවපිඩනය සහිත රෝගින් වරසක දී මියාමට වැඩි ඉඩක් ඇති බවයි. අවපීඩනය පාලනය කරීම අත්‍යාවශ්‍ය බව ඔවුහු පෙන්වාදෙති.

මෙම පර්යේෂණයේ ප්‍රධානි ලන්ඩන්හි ඉම්පීරියල් කොලෙජ්හි සහ හල් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන විමර්ෂක මහාචාර්ය ජෝන් ක්ලෙලන්ඩ් පවසන්නේ හෘද අකර්මණ්‍ය නුතන වසංගතයක් බවට පත්වි ඇති බවයි. මෙම රෝගය හේතුවෙන් වසරකට 900,000 ක් පමණ බ්‍රිතාන්‍යයන් පිරිසක්  පීඩා විඳින බව හෙතෙම පවසයි.

හෘදයේ ඇති පේශීන් දුර්වලවීමෙන් හෘදයට පොම්ප කරණ රුධිර ප්‍රමාණය පහළ වැටීම හේතුවෙන් හෘදය ටිකෙන් ටික අකර්මණ්‍ය වෙයි. තත්වය උග්‍ර වුවහොත් එවැනි රෝගින් ට වඩාත් මහන්සි ගතියක් හා හුස්ම ගැනීම අපහසුවක් ඇතිවේ. මහාචාර්ය ක්ලෙලන්ඩ් පවසන්නේ මේ තත්ත්වයට පත්වන රෝගීන් තදබල අවපීඩන තත්ත්වයෙන් පෙලෙමින් සිටින බවයි.

බ්‍රිතාන්‍ය හෘද පදනම පවසන්නේ හෘදයාබාධ වැනි  දීර්ඝ කාලීනව ශාරිරික සෞඛ්‍ය ආබාධ ඇති පුද්ගලයන් තම කායික සහ මානසික රෝග ලක්ෂණ යන දෙකම වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගත යුතු බවයි.