හෙදියන්ට සුපුරුදු නිල ඇදුම වෙනුවට ගුවන් සේවිකා නිල ඇදුම ඇදීමට නියම කිරීමටත් ඔවුන්ට ගුවන් සේවිකාවන්ට ලබා දෙන පුහුණුවක් ලබා දීමටත් චීනයේ ජියැන්ග්සු ප‍්‍රාන්තයේ පිහිටි ලියැන්ෂුයි ප‍්‍රාන්ත රෝහල සැරැසෙයි.
මෙවන් පියවරක් ගැනීමට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ රෝහල් කාර්යමණ්ඩලය හා රෝගීන් අතර යහපත් සබදතාවක් ගොඩනඟා ගැනීම වඩාත් පහසු කිරීමය.
තම මගියන් කුමන තරාතිරමේ පුද්ගලයින් වුවද ගුවන් සේවිකාව ඔවුන්ට කාරුණිකව හා ආචාරශීලීව සළකන්නා සේ හෙදියන්ටද එසේ තමන් යටතේ සිටිනා රෝගීන්ට සැළකීමට පුහුණු කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.
හෙදි නිල ඇදුම වෙනුවට ගුවන් සේවිකා නිල ඇදුම ඔවුන්ට ලබා දීමට තීරණය කර තිබෙන්නේ රෝගීන්ට හෙදියන්ව තවත් සමිප කරවීමටය.
ආරම්භයක් ලෙස දැනට හෙදියන් 12 දෙනෙක්ට පුහුණුව ලබා දී තිබෙන අතර ඔවුහු ගුවන් සේවිකා නිල ඇදුමින් සැරසී රෝහලේ සේවය කරති.
රෝගීන්ද ඔවුන් හා හොද සබදතාවක් ගොඩනගා ගනිමින් සිටින බව සදහන්ය.
පුහුණුව ලබා ගුවන් සේවිකා නිල ඇදුමින් සැරසී සේවයට පැමිණෙන හෙදියෝද මේ අලූත් වැඩපිළිවෙලට ඉතා කැමැත්තෝය.ගුවන් සේවිකා නිල ඇදුමක් ඇදීමෙන් පසු තම පෙනුම කිහිප ගුණයකින් වැඩි වී ඇත්තාක් මෙන් පෙනෙන බව ඔවුහු පවසති.
මේ අතර ඇතැමුන් පවසන්නේ වැදගත් දෙය වන හෙදියන්ගේ ආකල්ප හා ඔවුන්ගේ සේවාවන් වැඩිදියුණු කිරීම යන දෙය අමතක කර රෝහල් බළධාරීන් නිශ්ඵල දේවල් වෙනුවෙන් කාලය වැය කරමින් සිටින බවය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්මයි, ලංකාවේ ඊ ලග වර්ජනය අපිටත් ඕන පයිලට් පුහුණුව කියයි අපේ හෙදියෝ ? (නදී)
අපේ කට්ටියට මොනවා දුන්නත් වැඩක් නැහැ. රෝගීන් ටික මරාගෙන තමයි පඩි වැඩි කරගන්නේ. (නදී)
අපෙ කට්ට්ටියට ඕව දෙන්න ඉස්සෙල්ල කරුණාවන්තකම ගැන වෙනම පුහුණුවක් දෙන්න වෙයි (දී)
අපරාදේ මේක දැම්මේ, හෙට අනිද්දා අපේ අය පටන් ගනී උද්ඝෝෂණ.(නදී)
රත්නපාල දන්නේ නැති වුණාට දොස්තරලා හැම වෙලාවේම එහෙම තමයි ඉන්නේ. (නි)
අපේ අයට නම් අන්දන්න එපා, ගුවන් ප්‍රහාර එල්ල කරයි (නි)
රජයේ අහවල් නිලධාරීන්ගේ සංගමයයි අහවල් නිලධාරීනියන්ගේ සංගමයයි දෙකම චීනෙට යනවලු. එහෙම කොහොමද හෙදියන්ගේ පුහුණුව වැඩි කරන්නේ. එතකොට වැටුප් වැඩිවෙනවා. දත් මහත්තුරුන්ගේ වැටුප ළඟටම යනවා. එහෙම කරන්නේ කොහොමද? චීනෙට හොඳ පාඩමක් උගන්නයි බලා ඉන්නකෝ. (ස)
ගුවන් නියමු, ගුවන් සේවිකා සබඳතාවය වගේම, දොස්තර - හෙදි සබඳතාව ගොඩනගා ගත්තම අර්බුද අඩු වේවි. (ස)
එහෙම සැරසුනාම දොස්තරවරුන්ට තමයි හොඳ (නි)
ඒ අදහසත් නරකම නැහැ. එතකොට දොස්තර මහතුන්ට පයිලට්ලා වගේ අඳින්න පුළුවන්. (නි)
අපේ හෙදියෝ කොහොමත් ගුවන් සේවිකාවන්ට වඩා හැඩකාරයි කරුණාවයි ටිකක් කට සැරයි .වර්ජනවලට පැනල. (ස)