"නිදහසට අරුතක්" යන තේමාව යටතේ සිවුවැනි වතාවටත් සංවිධනය වන ශ්‍රී ලාංකික ජාතික නිදහස් උත්සවය "සිංහ අදියර 4" ලබන 30 වැනි සෙනසුරාදා සවස 4 සිට 6 දක්වා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර හවුන්ස්ලෝ ලැම්ටන් පාසලේදී පැවත්වීමට නියමිතය.
එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක තනතුරට අභිනවයෙන් පත්ව ඇති හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වඳුරඹ කස්සප නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය වන මෙම උළෙලින් බලාපොරොත්තු වන්නේ "හුදෙක් ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දුවා දරුවන්ගේ සිත්හි ශ්‍රී ලංකාවත් සිංහල ජාතියත් පිළිබඳ ගෞරවනීය හැගීමක් හා ඇල්මක් ඇති කිරීමත් ඔවුන්ගේ නර්තන හා ගායනා හැකියාවන් ඔප්නැංවීමත්" බව කස්සප හිමියෝ පවසති.
අතුල දස්සන ජාත්‍යන්තර විහාරස්ථානයට අනුබද්ධිත " සරෝ" නර්තන කණ්ඩායමත් දහම් පාසැලේ දරුවනුත් සමඟ හවුන්ස්ලෝ ප්‍රදේශයේ වෙනත් නර්තන කණ්ඩායම්ද නර්තනයෙන් දායක වෙයි.
උත්සවය සඳහා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධානීන්, ප්‍රදේශයේ නගරාධිපතිතුමන්, පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.
ප්‍රධන දේශනය එංගලන්ත යුද හමුදා බෞද්ධ උපදේශක ආචාර්ය සුනිල් කාරියකරවන විසින් සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd