පුද්ගලයන් 70ක් රැගත් බෝට්ටුවක් මලයාසියාවට බටහිර මුහුදේ දී බ්‍රහස්පතින්දා විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෙලන්ගෝ ප්‍රාන්තයේ සැබක් බමර්න් නගරය සමීපයේ දී එය අනතුරට ලක්ව ඇත.
මලයාසියා සමුද්‍ර ආරක්ෂක ඒකකය පවසා ඇත්තේ කාන්තාවන් 13 දෙනකු හා එක් පිරිමි පුද්ගලයකු මියගොස් ඇතැයි තහවුරු වූ බවයි. බෝට්ටුවේ ගමන්ගත් මගීන් ඉන්දුනීසියානු සංක්‍රමණිකයන් බව ද සමුද්‍ර ආරක්ෂක ඒකකය පවසයි.
එම ඒකකයේ ප්‍රධානී මොහොමඩ් අලියාස් හම්ඩන් විදෙස් මාධ්‍යවෙත පවසා ඇත්තේ අනතුරටපත් සංක්‍රමණිකයන් පිරිස මැලේසියාවට ළඟාවීමට උත්සාහගත් පිරිසක් ද එසේ නැතිනම් මැලේසියාවේ සිට අනවසරයෙන් පිටත්ව ගිය පිරිසක් ද යන්න බව ස්ථිර ලෙස කිව නොහැකි බවයි.
ඉන්දුනීසියානුවන් දහස් ගණනක් අනවසරයෙන් මැලේසියාවේ වැවිලි සහ වෙනත් කර්මාන්ත වල සේවය කරණ බවත් මොවුන් නැවත ගම්බිම් බලා යාමට අනතුරු දායක ලෙස මුහුදු මාර්ග උපයෝගි කර ගණ්නා බව බලධාරීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd