උණුසුම් තේ කෝප්පයක් පානය කිරීමෙන් සිරුරට පහසුවක් මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වය වඩාත් යහපත් වන බව පර්යේෂකයෝ කියති.
ඔවුන් පෙන්වාදෙන්නේ තේ කෝප්පයක් පානය කිරීමෙන් පැය භාගයකට පසුව පුද්ගලයන්ගේ මතක තබා ගැනීමේ හා ක්‍රියාත්මක වීමේ හැකියාව වැඩි වන බවයි. මෙයට හේතුවන්නේ තේවල අඩංගු කවර සංඝටයක්යක් ද යන්න පැහැදිලි නැතත් එයට හේතුව වන්නේ ඔක්සිහාරකයක් වූ ෆ්ලෙවොනොයිඩ්ස් යැයි පර්යේෂකයන්ගේ අදහස වී ඇත.
තේ පානය රුධිර නාලවල ක්‍රියාවන් වර්ධනය වීම හා ධමනිවල රුධිරය කැටිගැසීම පාලනයට ද මහෝපකාරී වේ.
මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ නිව්කාසල් විශ්ව විද්‍යාලීය පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි.
තවද තේ පානය මගින් ඥානාත්මකබව දියුණුවීමේ ක්‍රියාවලියටද සබඳතාවයක් ඇති බවත් පෙන්වා දෙන මෙම අධ්‍යනයේ ප්‍රධානි ආචාර්ය එඩ්වර්ඩ් ඔකෙලෝ පවසා ඇත්තේ තේ පානය මගින් තවත් මානසික ප්‍රතිලාභ එනම් අවධානය දියුණුවීම, සිතේ ඒකාග්‍රතාවය වැනි ක්‍රියාවන් ද දියුණුවන බවයි.
මීට කලින් පර්යේෂණයන් මගින් පෙන්වා දි තිබුනේ දිනකට තේ කෝප්ප තුනක් හෝ හතරක් පානය මගින් හෘදයාබාධ ඇතිවීමට ඇති හැකියාවද නැති කරණ බවයි.
තවද දෙවැනි පන්තියේ දියවැඩියාවෙන් වළකා ලීමට තේ පානය බලපාන අතර රෝගය වැලදී ඇති අය තේ පානය කිරීම මගින් එහි ක්‍රමික වර්ධනය හිනවන බවද පර්යේෂකයෝ පෙන්වා දෙනු ලබයි. ඊට අමතරව වියපත්වීම සහ මානසික ආතතියද අඩු කරණ අතර තරබාරුබවද තේ පානය මගින් පාලනය වන්නේ එමගින් අළුතින් මේද සෛල වර්ධනය අඩු කරණ බැවිනි.
මීට අමතරව ඖෂධීය තේ සතියකට දෙවරක සිට හයවරක් පානය කිරීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ පිලිකා සියයට 70 කින් වලක්වා ගතහැකි බවද පර්යේෂකයෝ පෙන්වා දි තිබේ.
බ්‍රිතාන්‍යයෝ පමණක් දිනකට තේ කෝප්ප මිලියන 165 ක් පානය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් අද වෙනකොට තේ පානය වැඩියෙන්ම කරන රට තුර්කිය ! අපේ තේ තුර්කි රට යවන පුලුවන්නම් ලොකු වාසියක් ගන්න පුළුවන් විශාල වෙළද පොලක් තුර්කිය කියන්නේ.(හේ)
ජපානේ හුගක් අය වතුර වෙනුවට කෑමෙන් පසු බොන්නෙත් කවර හෝ තේ වර්ගයක්. කෝලා සංස්කෘතිය එහේ නැහැ. ඒ අයගේ දීර්ඝායුෂ වල සහ ලස්සන හමක් ඇතිවිමේ හේතුව මෙය විය හැකියි.(හේ).