ග්‍රේස් හැල්ම්ෂෝ පස් හැවිරිදිය.ස්නායු පද්ධතියේ දුබලතාවක් නිසා ඇයට හරිහැටි කතාබස් කිරීමටවත් නොහැක.මානසික ව්‍යාධියක ප්‍රතිඵලයක් ලෙස ඇයට අන් දරුවන් හා ගැවසීමටත් නොහැකය.
නමුත් එසේ යැයි කියා මුළුගැන්වී නොසිටින ඇය සිතුවම් අදින්නීය.ඒවා කෙතරම් විසිතුරුද යත් ඒවා අලෙවි වන මිල පවුම් 1000 (වැනි ඉහළ අගයන් පවා ගන්නේය.
වැඩට අලූත් සහයකයෙකුත් ඇය මෑතකදී පත්කර ගත්තාය.ඒ තූලා නම් වන බැළළියයි.
තම ස්වාමිදුව සිතුවම් අදින විට තූලාද ඇය අසලම ගැවසෙන්නීය.
තූලාත් සිතුවම් ඇඳීමත් තම දියණියගේ රෝගී තත්ත්වය සුවපත් කරන ලකුණු පෙන්වන බව ඇයගේ දෙමව්පියෝ පවසන්නෝය.
තමන්ගේම වයසේ දරුවන් හා කතා කිරීමට මැලි වන ග්‍රේස් තූලා හා කචපචයේ යෙදීමට නම් මැලි නොවන්නීය.
මෙය ග්‍රේස් කෙරෙහි ධනාත්මක ලෙස බලපා ඇති බව වෛද්‍යවරුද පෙන්වා දෙන්නෝය.ඔවුන්ගේ මෙන්ම ග්‍රේස්ට ආදරය කරන සැමගේ අපේක්ෂාව ඇය ඉක්මනින්ම සම්පූර්ණ සුවය ලබනු ඇතැයි යන්නය.
මේ කිසිදෙයක් ගණනකට නොගෙන ග්‍රෙස් තමන්ගේ වැඩය.ඇය අතින් නිමැවෙන ඊළග සිතුවම ලෝක ප්‍රකට සිත්තරුන්ගේ නිර්මානයන් හා කරට කර සිටිය හැක්කක් වීමටද පිළිවන.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිත ඇත්නම් කළ නොහැක්කක් නැත
සිසිර Tuesday, 14 October 2014 01:53 PM
පොඩි දුවට තෙරුවන් සරණයි.(හේ)
ශාන්ත Tuesday, 14 October 2014 02:31 PM
ඇයට තෙරුවන් සරණින් නිරෝගී සුවය ලැබේවා.(හේ)
ලෝචන Wednesday, 15 October 2014 08:50 AM
මට නම් මේ ළමයාගේ කිසිම වෙනසක් පෙන්නේ නෑ.(හේ)
රූපවතී Tuesday, 14 October 2014 06:45 AM
තිසරණ සරණින් ඇයට ඉක්මන් සුවය ලැබේවා..! (හේ)
චතුර Tuesday, 14 October 2014 07:05 PM
හරිම ලස්සන කෙලි පොඩ්ඩි. අසනීපයක් තියනවා කියලා හිතන්නවත් බැහැ. ඉක්මනින් සුවවෙන්න පැටියෝ. (නි)
මැණික් Tuesday, 14 October 2014 09:51 AM
අනේ ඒ දරුවාට රෝගී තත්වයක් තියෙනවා කියලා හිතන්නත් බැහැ. මොන දරුවා දැක්කත් හරිම ආදරයක් කරුණාවක් ඇති වෙනවා. ඇයට තෙරුවන් සරණින් නිරෝගී සුවය ලැබේවා. (හේ)
චන්ද්‍රා වීරසිංහ Wednesday, 15 October 2014 02:23 AM
ඔබට ඉක්මන් සුව පතමි! (නි)
ඩිලාන් Wednesday, 15 October 2014 03:18 AM
දෙන්නම හරිම ලස්සනයි, හරිම හුරතල්. පොඩි දුවට ඉක්මන් සුවය ලැබේවා!!! (නි)