IMG-LOGO

හඬ නැගීම තමන් සතු වගකීමක්

සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් හඬ නැගීම තමන් සතු වගකීමක් ලෙස දැනෙන බව එක්සත් ජාතීන්ගේ 26 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉකුත් දා පැවැසීය.

දේශගුණික විපර්යාස මුළු මහත් ලෝකයටම තර්ජනයක් යැයි ද විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට එය විශාල තර්ජනයක් යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.

එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් හඬ නැගීමට තමන් සතුව වගකීමක් ඇතැයි සිතෙන බව ද කීය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර දී ඉකුත් සතියේ ආරම්භ විය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙවර සමුළුව ඇමතුවේ හින්දි භාෂාවෙනි.

පරිසරය ආරක්ෂා කිරීම සඳහා ලෝකයට දැනට විශාල යමක් කළ යුතු යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමුළුව අමතමින් අවධාරණය කළේ ය.

“මේක තමයි මේ මොහොතේ අවශ්‍යතාව. ඒ වගේම මේ සමුළුවේ අවශ්‍යතාව ඉදිරියේදී ඔප්පු වේවි” ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙවර සමුළුවේදී දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන ඉන්දියාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කරන ලදි.

“ලෝකය බේරා ගැනීමට අපි ශක්තිමත් සහ විශාල පියවර ගන්න අවශ්‍ය යි. මේ මොහොතේ අවශ්‍යතාව එයයි. ඉදිරියේදී මේ සමුළුවේ වැදගත්කම සහ අදාළත්වය සනාථ වේවි. මේ සමුළුවේදී ගන්නා තීන්දු තීරණ අපේ අනාගත පරම්පරා ආරක්ෂා කරාවි යැයි මම බලාපොරොත්තු තබනවා” යැයි ඉන්දීය අගමැතිවරයා කීවේ ය.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී එක් වචනයක් කේන්ද්‍ර කරගත් ව්‍යාපාරයක් නිර්මාණය කළ යුතු යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යෝජනා කළේය.

“එක් වචනයක ව්‍යාපාරයක් මා යෝජනා කරනවා. දේශගුණික විපර්යාසවලට අදාළ එක් ක්‍රියාවලියක්. එක් වචනයක්. එක වචනයක් ලෝකයට මූලික පදනම දමාවි. එය ප්‍රශ්නය විසඳීමට උපකාරී වේවි. ජීවිතය එම වචනය ලෙස මා යෝජනා කරනවා. (LIFE - L.I.F. E – Lifestyle for Environment) පරිසරය සඳහා වූ ජීවන රටාවක්” ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.

ඒ.එන්.අයි.



අදහස් (0)

හඬ නැගීම තමන් සතු වගකීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 729 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site