හුඩ්හුඩ් සුළි සුළඟ හේතුවෙන් ඔරිස්සාහි තිදෙනෙකු මියගොස් අන්ද්‍රා ප්‍රදේශ්හි තිදෙනකු මියගොස් සිටිති. නැගෙනහිර ඉන්දියාවේ වෙරළ තීරයට දැඩි බලපෑම් එල්ල වී බරපතල අලාභ හානි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිවාස අත්හැර ආරක්ෂිත ස්ථාන කරා ගොස් සිටින පුද්ගලයන් ගණන 350000 ඉක්මවා ඇතැයි වාර්තාවේ.
සුළි සුලගේ වේගය පැයට කිලෝමීටර් 205 ක් එනම් පැයට සැතපුම් 127 කි. තද සුළං ප්‍රවාහය වෙරළ තීරයට සමීප නගරයක් වන විසාකාපට්නම් පසුකර තිබේ.
සුලඟ සමග ඇතිවු ධාරානිපාත වැසි හේතුවෙන් ගස් සහ විදුලි කම්බි කඩා වැටී ඇත. ප්‍රාන්ත දෙකේම වගාවන්ට හා ගොඩනැගිලි අලාභ හානි වී තිබේ. මීටර් දෙකක් පමණ උසට මුහුදේ රළ ඉහළ යාහැකි යැයි බියක් පවතී. පහත් බිම්ද ජලයෙන් යටවි යාහැකි යැයි වාර්තාවේ. ප්‍රාන්ත දෙකෙහිම සහන මධ්‍යස්ථාන විවෘත කර තිබේ. ආපදා සහන කංඩායම් මේ වනවිටත් යවා තිබේ.
අන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති චන්ද්‍රබබා නයිඩු පවසා ඇත්තේ හුඩ්හුඩ් මගින් වු අලාභය ගණනය කිරීමට තවම කල් වැඩි බවයි.
තමන්ට තත්වය ගැන නිවැරදි තොරතුරු සොයා දැනගැනීමට නොහැකි වී ඇත්තේ සියයට 70 ක් පමණ සංනිවේදන මාර්ග කඩා වැටි තිබීමෙන් බවද මහ ඇමතිවරයා කියා ඇත. .
හුඩ්හුඩ් සුළි සුළං හේතුවෙන් දකුණු ඔරිස්සා ප්‍රාන්තයට සහ අසල්වැසි ප්‍රාන්ත වන චතිස්ග්‍රාස් සහ තෙලන්ගනා යන ප්‍රාන්ත වලට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් එම ප්‍රදේශද ගංවතුරෙන් යටවි යා හැකි යැයි කාළගුණ වාර්තා සඳහන් කරයි.
ඉංදියාවේ නැගෙනහිර වෙරළ තීරය සහ බංගලා දේශය සෑම වසරකට අප්‍රේල් හා නොවැම්බර් යන මාස වලදී සුළි සුළං ප්‍රවාහ මගින් බලපෑම් එල්ල වන අතර මේ හේතුවෙන් මරණ හා දේපොල අලාභ හානි වැඩි වශයෙන් සෑම වසරකම වාර්තා වේ.
1999 දි ඔරිස්සා වලට බලපැ තද සුළි සුළං හේතුවෙන් පුද්ගලයන් 10000 කට වඩා මියගොස් තිබේ.
පසුගිය ඔක්තෝබරයේදි මෙකි ප්‍රදේශවලට බලපෑ පයිලින් නැමැති දරුණු සුළි සුළඟින් ආරක්ෂා වීමට ජනතාව 500000 ක ප්‍රමාණයක් තම නිවාස වලින් බැහැරව ආරක්ෂිත ස්ථාන කරා ගමන් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමිල්නාඩුවටත් ගිහිල්ලද මේක? (නි)
ඉෂාර කියන්න වගේ මේක යන්න තිබ්බේ තමිල්නාඩුව හරහායි ...(හේ)