ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ ස්වයං චරිතාපදානය, මයින් කම්ප්ෆ් කෘතියේ නව සංස්කරණයක් උණු කැවුම් මෙන් විකිණෙමින් තිබෙන බව වාර්තා වේ.
මේ දක්වා ගෙවී ඇති කාලසීමාවේ මයින් කම්ප්ෆ් කෘතියේ පිටපත් 85000 ක් විකිණී ගොස් තිබෙන බවත්, එය තමන් කිසිසේත්ම අපේක්ෂා නොකළ අගයක් බවත් කෘතියේ ප‍්‍රකාශකයන් කියයි.
කෘතියේ මුල් පිටපතෙහි මුල් පිටකවරය සරසා තිබූ හිට්ලර්ගේ රුව සහ ස්වස්තිකය නව මුද්‍රණයෙන් ඉවත් කර තිබෙන අතර, එයට හේතුව වන්නේ නාසිවාදය ඉස්මතු කරන එවන් සළකුණු භාවිතා කිරීම ජර්මනිය තහනම් කර තිබීමයි.
නුදුරු දිනකදී මෙම කෘතියේ සංස්කරණය කරන ලද ප‍්‍රංශ පරිවර්තනයක් එළි දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ප‍්‍රකාශකයන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකිරි, පුබුදු ගේ දැනුම අදහස් වලින්ම තේරුම් ගන්න පුළුවන්. ස්වස්තිකය තුලින් අදහස් කරන්නේ කුමක්ද ? (ර)
ටිකිරි, පිට රටවල දේ කොපි කළ පලියට හිතට හීනමානයක් දමාගෙන කතා කරනවාට වඩා අපිටත් අනන්‍යතාවයක් තිබේ යයි හිතාගෙන වැඩ කටයුතු කරගන්න. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව ආදී රටවල් සුළු කාලයක් තුල ඔවුන්ගේ අනන්‍යතාවයක් හදාගෙන දියුණුව කරා පානගනවා.... දීර්ඝ ඉතිහාසයක් ඇති අපි තවම එක තැන පල් වෙනවා. එක්කෝ හීන මානය... නැත්නම් අධි මානය....(බ)
ස්වස්තිකය කියන්නේ හෙළ සලකුණක්. රාවන රජු බාවිතා කල සලකුණක් වන ස්වස්තිකය හිට්ලර් බාවිතා කෙරුවේ යම් හේතුවක් උඩ. (ර)
ස්වස්තිකය හෙළ සලකුණක්ම නෙමෙයි. ආර්යයන්ගේ සලකුණක්. ආර්ය මතවාදය ජෛන ආගමේ සහ හින්දු ආගමේ පවතින සංකල්පයක්. ඇන්ග්ලෝ සැක්සන්පිරිස් අතරත් ආර්ය සංකල්පය තිබුනා. හිට්ලර් ආර්ය මතය සහ පිරිසිදු ජාතියක් පිළිබඳ අදහස ලෝකයට ඉදිරිපත් කිරීමේදී ස්වස්තික සලකුණ යොදාගත්තා. (නි)
පතිරණ, ස්වස්තිකය හෙළ සලකුණක් වෙන්නේ කොහොමද? අද අපේ ගැහැණු අඳින සාරිය පවා අපි ඉන්දියාවෙන් කොපි කළ දේවල්. අපි පුංචි ජනකොටසක්ව ඉඳිද්දි තමයි අශෝක අධිරාජයා අපිට බුදු දහමත් ලබාදුන්නේ. අපිට අපේම කියලා කිසිදෙයක් තියෙනවද? (නි)
හෙළ සලකුණක් වන ස්වස්තිකය ජර්මනිය භාවිතා කළේ කෙසේද යන්න ලංකාවේ විද්වතුන්ට ඔලුවට නොයෑම කණගාටුවට කරුණක්. (නි)