2017 මැයි මස ප‍්‍රංශයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පක්ෂ අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරය ඉතා උණුසුම් අවස්ථාවකට පැමිණ ඇත්තේය. ඒ අනුව දක්ෂිණාංශික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පක්ෂ මැතිවරණයේ ප‍්‍රථම වටයෙන් ප‍්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි තෙවැනි ස්ථානය හිමිකර ගනිමින් පරාජයට පත් වුයේය.
එම මැතිවරණයේ පළමු වටය පසුගිය 20 වැනි ඉරිදා පැවැත්විණි. ඒ සඳහා දක්ෂිණාංශික පක්ෂයේ අපේක්ෂකයෝ හත් දෙනෙක් ඉදිරිපත් වූහ.
ඔවුන් අතර කතක හා පිරිමි හය දෙනෙක් වූහ. හිටපු ජනාධිපති, හිටපු අගමැතිවරු දෙදෙනෙක්, හිටපු ඇමතිවරු තිදෙනෙක් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් තරඟ වැදුණෝය.
නිකොලා සාර්කෝසි හිටපු ජනාධිපති, ප‍්‍රංශුවා පියොන් හා ඇලන් ජුපේ හිටපු අගමැති, ජෝන් ප‍්‍රංශුවා කොපේ, බෘනෝ ලේමෙර්, නතලි කොෂියුස්කෝ මොරිෂේ හිටපු ඇමතිවරු හා ජෝන් පෙඞ්රික් පුවොසොන් මන්ත‍්‍රී වරයා එම තරගකරුවෝය. යුරෝ දෙකක (රුපියල් 315ක්) මුදලක් ගෙවා ඕනෑම කෙනෙකුට ජන්දය පාවිච්චි කිරීමට හැකි ලෙස අවස්ථාව සලසා තිබිණි.
ඒ අනුව ලක්ෂ 40ක් ජන්දය දුන්හ. ජන්ද මධ්‍යස්ථාන 10,229ක් පිහිටුවා තිබුණි. උදේ 9ට ආරම්භ කළ ඡන්දය සවස 7ට අවසන් විය. ප‍්‍රංශුවා පියොන් 44.2%, ඇලන් ජුපේ 28.5%, නිකොලා සාර්කෝසි 20.6%, නතලි කොෂියුස්කෝ මොරිෂේ 2.5%, බෘනෝ ලෙමෙර් 2.4%, ජෝන් පෙඩරික් 1.4% හා ජෝන් ප‍්‍රංශුවා කොපේ 0.3% ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්හ.
හිටපු අගමැතිවරු දෙදෙනා දෙවන වටයට සුදුසුකම් ලැබූහ.ඔවුන් අතර ජන්දය ලබන 27 වැනි ඉරිදා පැවැත්වීමට නියමිතය. එහි ජයග‍්‍රහායකයා ඊළඟ ජනාධිපතිවරණයේ දක්ෂිණාංශික පක්ෂයේ අපේක්ෂකයා ලෙස තෝරා ගනු ඇත.
කෙසේ නමුදු මේ වනවිට පක්ෂය අලුතින් ගොඩ නගා එහි සභාපති ධූරයද හිමිවූ හිටපු ජනාධිපති නිකොලා සාර්කොසිට අපේක්ෂකත්වයද අහිමි වූයේය. ඔහුගේම පක්ෂයේ සමාජිකයෝ නැවත වරක් ඔහු ජනාධිපති තනතුරට නුසුදුස්සෙක් බව තීරණය කළහ. දෙවැනි වටයේදී ප‍්‍රංශුවා පියොන්ට ජන්දය දෙන බව පවසමින් ඔහු දේශපාලනයෙන් සමුගන්නා බව පැවැසීය.
(හිටපු අගමැතිවරු දෙදෙනා දෙවන වටයට සුදුසුකම් ලැබූහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපියේ මාතෘකාව කියවලා මම බයවුණා එහෙම වෙන්නේ කොහොමද කියා. බලනකොට මේක ප්‍රංශයේ වෙච්ච දෙයක්. මාධ්‍ය අයියලත් අපිව බයකරන හැටි. ලේ ලීටරයක් විතර වතුර වුණා, අම්මපා! (නි)
ඕවා කරන්න ගියොත් අපේ පක්ෂ වල අය එකිනෙකා මිනීමරා ගනී. අපේ කට්ටියට ඕවා පුරුදු නැහැ. ඔය ඕනෑතරම් හොරකම් කරලා අගේට එළියේ ඉන්නේ. ඉතින් තව මොනවද සිරි ලංකාව ගැන කතා (නි)
දැන් අපේ රටේ ව්‍යවස්ථාවක් හදන්න යන බව කියනවා . ප්‍රංශයේ වගේ අපේ පක්ෂ වලත් අපේක්ෂකයා තෝරන ක්‍රමයක් නීතියක් ලෙස ව්‍යවස්ථාවට ඇතුළත් කළොත් නරකද ඈ ? (බ)
වෙච්ච දෙයක්.(හේ)
අපරාදේ! ලිබියාවට කරපු පව තමයි ඔය පටිසන් දෙන්නේ. කොහොම තිබුණු රටක්ද? යුරෝපයේ ඇතැම් රටවලට පවා ණය දුන් රටක් (නි)
බමුණුඅාරච්චි, ප්‍රංශයේ වෙන දේ ලංකාවේ කළොත් වෙන්නේත් ඕකම තමයි. ආයේ කතා දෙකක් නැහැ. (නි)
මටත් එකපාරටම හිතුනේ වෙන දෙයක්. (නි)
ලංකාවේ තිබෙන ජනාධිපති බලතල ක්‍රමය ප්‍රංශයේ තිබෙන ක්‍රමය හා සමානයි. අගමැතිවරයා තෝරාපත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයට පළමුව තබන්නේ රටේ ජනාධිපතිවරණයයි. එසේම ඇමති මඩුල්ලද තෝරාපත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. මෙවැනි ආණ්ඩු ක්‍රමයක් ඇති අප රටේ පාර්ලිමේන්තුවට පත්කරනු ලබන බහුබූතයෝ දිහා බැලුවහම මෙහි ඇති ස්වාධීන ආණ්ඩු ක්‍රමයයි අප රටේ ඇති ක්‍රමයයි හරියට අහසට පොළව මෙනි. මෙහි ඇති ආණ්ඩු ක්‍රමය පිළිබඳව සහ ජනතාව එය කෙසේ නිදහසේ භුක්ති විදිනවාද යන්න කීමට මෙම කෙටි සටහන මදිය. (නි)