රජයට එරෙහි විරෝධතාකරුවන් පිරිසක් මරා දැමීමට අණ දුන්නේ යැයි චෝදනාවලට වරදකරු වූ ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සිට වසර විස්සක සිර දඩුවමක් පැණවූ එරට අධිකරණය ඔහුට එරෙහි ඝාතන චෝදනාවලින් ඔහු නිදහස් කළේය.
නඩු විභාග කිහිපයකින් අනතුරුව මෙම තීන්දුව ලබාදුන්නේ 2012 වසරේ හටගත් ජනතා විරෝධතාවලට සම්බන්ධ වූ උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමත් වද හිංසා පැමිණවීමත් යන චෝදනාවලටය.
ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමඩ් මොර්සි ඇතුළු 14 දෙනකුට මේ ආකාරයෙන් චෝදනා එල්ල වූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනකුටද හිටපු ජනපතිවරයාට මෙන් වසර විස්සක සිර දඩුවමක් නියම කර ඇතැයි වාර්තා විය.
ජනපති මන්දිරය ඉදිරියේ පැවැති ගැටුම්වලදී මාධ්‍යවේදීන් දෙදෙනකු හා විරෝධතාකරුවන් දෙදෙනකු ඝාතනය වීම සම්බන්ධයෙන් එල්ල විත්තිකරුවන්ට එල්ල වූ චෝදනා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ඊජිප්පතුවේ හිටපු ජනපතිවරයාට නියම වූ දඩුවම සම්බන්ධයෙන් අභියාචානයක් ඉදිරිපත් කරන බව ඔහුගේ ප්‍රකාශ කර ඇත.
මොහොමඩ් මොර්සි ඊජිප්තුවේ ජනාධිපති ධුරයට පත් වූයේ 2011 වසරේ හටගත් ජනතා විරෝධතා හමුවේ දීර්ඝ කාලයක් ජනපති ධුරයේ සිටි හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වීමෙන් පසුවය. මොර්සි බලයට ගෙන ඒමට සහාය දුන්නෝ ‘මුස්ලිම් සහෝදරත්වය‘ පක්ෂ සාමාජිකයෝය. එමෙන්ම මොහොමඩ් මොර්සි ඊජිප්තුවේ නිදහස් මැතිවරණයකින් තේරී පත්වූ පළමු ජනපතිවරයා ද වෙයි.
මොහොමඩ් මොර්සි බලයේ සිටියේ මාස කිහිපයක් පම‚. ඔහුට එරෙහිව ද ජනතා කැරැල්ලක් ඇති විය. එය අවසන් වූයේ හමුදා කුමන්ත්‍රණයනින් පසු මොර්සි අත්අඩංගුවට ගැනිමෙනි. ‘මුස්ලිම් සහෝදරත්වය‘ පක්ෂය ඊජිප්තුවේ තහනම් කෙරු‚. එහි සාමාජිකයන්ට සහ නායකයන්ට මරණ දඩුවම හෝ සිර දඩුවමක් හිමිවිය.
ඉන් අනතුරුව එරට ජනපති ධුරයට පත්වූයේ එරට හමුදා ප්‍රධානී ජනරාල් අබ්දෙල් ෆාටා අල් සිසීය.
හිටපු ජනපති මොහොමඩ් මොර්සිට මරණ දඩුවම හිමිවනු ඇතැයි එරට මාධ්‍ය මීට පෙර වාර්තා කළේය.
කයිරෝහිදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
457
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු ඊජිප්තු ජනපති පෝරකෙන් බේරේ