හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට එල්ල වී ඇති දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් අධිකරණයක් ඔහුට ඇප ලබා දුන්නේය.
ඇප ලබා දීමට අධිකරණය තීරණය කළේ, චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වෙද්දී, හිටපු අග්‍රාමාත්‍යවරයා අධිකරණයේ පෙනී සිටීවි යැයි විශ්වාසය පළ කරමිණි.
73 හැවිරිදි නවාස් ෂරීෆ් තෙවරක් පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත. ඔහුට ධුරය අහිමි වූයේ 2017 වසරේ මහ මැතිවරණයෙන් පරාජය වීමෙන් පසුවය. එම මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ වූයේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායක ඉම්රාන් ඛාන්ය.
පාකිස්තානයෙන් පිටවී වසර 4 ක්ලන්ඩන් නුවර ජීවත් වුණු නවාස් ෂරීෆ් පසුගිය සති අන්තයේ යළි පාකිස්තානයට පැමිණියේය. ඒ, පෞද්ගලික ගුවන් යානයකිනි. පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ ජනවාරියේ පැවැත්වීමට නියමිතය. නවාස් ෂරීෆ් ඊට සහභාගී වීමට නියමිතය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හිටපු අගමැති නවාස් ෆරීෆ්ට ඇප