
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට සූදානම් වන අතර, නව විදේශ ලේකම් (විදෙස් ඇමැති) ලෙස එම ධුරයට හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ඩේවිඩ් කැමරන්ගේ නම යෝජනා කර තිබේ.
57 හැවිරිදි ඩේවිඩ් කැමරන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2010 සිට 2016 තෙක් කාලයේ, කොන්සවර්ටිව් පක්ෂයට නායකත්වය දෙමිනි.
කැමරන් ධුරයෙන් ඉවත් වූයේ ‘බ්‍රික්සිට්’ හරහා බ්‍රිතාන්‍ය වැසියන්, යුරෝපා සංගමයෙන් වෙන් වීමට ගත් තීරණයට අනුවය. ඩේවිඩ් කැමරන්, බ්‍රික්සිට් ක්‍රියාවලියට විරෝධය පළ කළ අයෙකි.
විදේශ ලේකම් ධුරයට, ඩේවිඩ් කැමරන් සුදුසු යැයි අග්‍රාත්‍ය රිෂී සුනාක් ගත් තීරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වැසියන් පමණක් නොව, එැට දේශපාලනඥයන් ද මවිතය පළ කර තිබේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුනිල් අයියා හිටියනම් බඩ කපා ගන්න වා... එංගලන්තයේ එහෙම වෙන්නේ නැහැ