ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, පිහි දෙකක් ඇතැතිව කලහ කළ කාන්තාවක පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගියාය.
මෙම කාන්තාව, එල්ල කළ ප්‍රහාරයෙන් දෙදෙනකු මියගිය අතර, එම දෙදෙනාගෙන් එක් අයකු ‘බෑන්ක් ඔෆ් ඇමෙරිකා’ මූල්‍ය ආයතනයේ උප සභාපතිනී ලෙස කටයුතු කළ 32 හැවිරිදි එරින් පියසෙන්ටි යැයි පොලිසිය පවසයි. මියගිය අනෙක් පුද්ගලයා 68 හැවිරිදි අයෙකි.
එම කාන්තාව පිහි ප්‍රහාරය එල්ල කර ඇත්තේ කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිවය. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පැවැත්වෙයි.
නිව්යෝක් පොලිස් නිලධාරීන් පිහි ප්‍රහාර එල්ල කළ එම කාන්තාව වටකර ගත් අවස්ථාවේදී, ඇය පොලිසියට යටත් වීම ප්‍රතික්ෂේප කළාය. කලහ කරමින් ඇය පොලිස් නිලධාරීන්ට ද පහර දීමට උත්සාහ කළාය. එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙක් ඇයට වෙඩි තැබීය. මේ සියලු දසුන් ස්මාට්ෆෝන් ජංගම දුරකතනයක සටහන් වුණු අතර, එම දසුන් මේ වනවිට, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
පිහි ප්‍රහාරයෙන් මියගිය එරින් පියසෙන්ටි, පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ සහ ෆෝඩම් නීති විද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය, මාස පහක කුඩා දියණියකගේ මවක යැයි ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd