බලයෙන් නෙරපා දැමුණු පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සමීප ආධාරකරුවකු වන ෂෙබාස් ගිල් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දැමීමෙන් පසු පාකිස්තානයේ නව රජයක් පිහිටුවූයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක්වෙමිනි. ‘පාකිස්තාන මුස්ලිම් ලීගයේ නායක ෂෙහ්බාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධුරයට පත් විය.

පොලිසිය ෂෙබාස් ගිල් අත්අඩංගුවට ගෙන ඇත්තේ, පාකිස්තාන නව රජයට එරෙහිව ජනතාව උසි ගන්වනවා යැයි චෝදනා කරමිනි. ෂෙබාස් ගිල් පසුගිය කාලය පුරා රාජ්‍ය ආයතන වලට විරුද්ධව ප්‍රකාශ සිදු කළ අයෙකි.

ෂෙබාස් ගිල් අංක තහඩු නැති මෝටර් රථයකින් රැගෙන ගිය බව වාර්තා විය. මාධ්‍ය කළ විමසීමකදී දැනගන්න ලැබුණේ ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවන බවය.

(එන්.ඩී.ටීවී.)