IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


හංගේරියාව තුළ හදිසි තත්ත්වයක්

අසල්වැසි යුක්රේන රාජ්‍යයේ යුද ගැටුම් හේතුවෙන් පැන නගින අභියෝග වලට ඉක්මණින් ප්‍රතිචාර දැක්වීම සඳහා හංගේරියාව තුල හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරන බව හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් ප්‍රකාශ කළේය.

හතරවෙනි වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස වික්ටර් ඕර්බන් අප්‍රේල් මස මුල් සතියේ තේරී පත්වූවේය.

සිය මුහුණු පොතේ තැබූ වීඩියෝ පටයක් මගින් යුක්රේනයේ පවතින යුද්ධය හේතුවෙන් හංගේරියාවේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවත් මූල්‍ය සහ බලශක්ති සුරක්ෂිතතාවයට ඉන් තර්ජනයක් ඇති විය හැකි බවත් අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් පැවසුවේය. 

අසල්වැසි රටක සන්නද්ධ ගැටුමකදී, යුද්ධයකදී සහ මානුෂීය විපතකදී හදිසි නීතිය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දෙමින් ඊයේ (24) හංගේරියාවේ පාලක පක්ෂය සිදු කළ ව්‍යවස්ථා සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් මෙසේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේය.    



අදහස් (0)

හංගේරියාව තුළ හදිසි තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 533 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1688 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site