හොංකොංහි අද (30) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් 32 ක් තුවාල ලබා ඇති බව හොංකොං පොලිසිය පවසයි.
ප්‍රධාන මාර්ගයේ වම්පස මංතීරුවේ දී කුලී රථයක් සහ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
අනතුරින් ටැක්සිය සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර බස් රථයේ එක් පැත්තකට හානි සිදු වී ඇත.
කාර්මික දෝෂයක් නිසා කුලී රථය නවතා තබා ඇති අතර තත්පර 40කට පසුව පිටුපසින් පැමිණි බස් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි විශ්වාස කරන බව පොලිස් අධිකාරිවරයා පැවසුවේය.
අනතුරින් 62 හැවිරිදි බස් රියදුරුද තුවාල ලබා තිබේ.
මියගිය අය අතර ටැක්සි රියදුරු, මිනිසුන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු වෙති. තුවාල ලැබූ අයගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව හොංකොං රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.
(63226 )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd