2014 වර්ෂයේදී තම සමාගමෙන් සේවය ලබාගත් ලොව පුරා කෝටි 50 පිරිසකගේ දත්ත පරිගණක හැකරුන් ව්සින් සොරකම්කරන ලදැයි යාහූ සමාගම පවසයි. පුද්ගල නාම, ඊ මේල් ලිපින, දුරකථන අංක, උපන් දින සහ මුර පද මෙසේ සොරකම් කර ඇතැයි පැවසේ.

මෙය ඉතිහාසයේ සිදුවූ විශාලතම සයිබර් කොල්ලය බවත්  බොහෝවිට රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙය සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බවත් යාහූ සමාගම කියයි.

2014 වර්ෂයෙන් පසු තම මුරපද වෙනස් නොකළ පුද්ගලයින් වහාම මුරපද වෙනස් කරගතයුතු බවට යාහූ සමාගම සිය ගනුදෙනුකරුවන්ට උපදෙස් දී ඇත.

ආක්‍රමණය සම්බන්ධව විමර්ශනය කරන බව ඇමරිකා රහස් ඔත්තු සේවය පවසයි.

web9909_ae4d3565-86f8-473a-9cbd-67fc58f2aab9