හොංකොංහි කොවිඩ් - 19 ආසාදිතයන් ඝිග්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට දැඩි දුරස්ථ ක්‍රියාමාර්ග පනවනු ඇතැයි වාර්තා වේ.
පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා හොංකොංහි කොරෝනා ආසාදිතයන් 1500කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර මරණ අටක් සිදුවී තිබේ.
පසුගිය පැය 24 තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 48කි.
ඔවුන්ගෙන් භාගයකට වැඩි පිරිසකට රෝගය බෝවුනේ කෙසේ දැයි සොයාගෙන නොමැති වීම බරපතල කාරණයක් බව බලධාරීහු පවසති.
මේ අවස්ථාවේදී රෝගය පහසුවෙන් ප්‍රජාව තුළ පැතිර යා හැකි බවද ඔවුහු සඳහන් කරති.
නව සමාජ දුරසථ රීතීන් අනුව පොදු ප්‍රවාහන හා ආපනශාලා භාවිතා කරන පුද්ගලයින් සඳහා මුහුණු ආවරණ අනිවාර්ය වේ.
පුද්ගලයෙකු පොදු ප්‍රවාහනයේ දී මුහුණු ආවරණ පැළඳ නොසිටියේ නම් ඔහුට ඩොලර් 645ක දඩයක් ගෙවීමට සිදුවන බව පොලිසිය පවසයි.
රැස්වීම් පැවැත්විය හැකි සංඛ්‍යාව 4 දක්වා අඩුකර ඇති අතර කායවර්ධන ස්ථාන හා විනෝද ස්ථාන වසා දමා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොංකොං හි ආසාදිතයන් වැඩිවීමෙන් නව නීති පැනවෙයි