හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලේ ගින්නක් හටගත් බවත් 300 කට වැඩි පිරිසක් ගින්නට කොටු වී ගොඩනැගිල්ලේ වහල මත සිටින බවත් ‘ද සවුත් චයිනා මෝර්නිං‘ පුවත්පත වාර්තා කරයි.
ගින්නට හසුවීමෙන් තුවාල ලැබූ ගණන 4 ක් බවත් එම 4 දෙනා කඩිනමින් රෝහල්ගත කළ බවත් පොලිසිය පවසයි.
ගොඩනැගිල්ල වහලේ කොටුවුණු පිරිස් මුදා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළ බව ගිනි නිවන භටයෝ පවසති.
මේ වනවිට ගිනි නිවන හමුදා කණ්ඩායම් කීපයක් ගින්න නිවා දැමීමට කටයුතු කරන බව ද වාර්තා වේ. ගින්න හටගත්තේ දහවල් 12.37 කට පමණය.
වහලේ සිටින පිරිසට අමතරව, ගොඩනැගිල්ල තුළ පස් වැනි මහලේ ද 100 කට ආසන්න පිරිසක් ගින්නට කොටු වී සිටින බවත්, ඔවුන් බේරා ගැනීමට ද ගිනි නිවන භටයන්ට කාලත් සමග සටන් කිරීමට සිදුවී ඇති බවත් වාර්තා වේ.
(රොයිටර්)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගින්නක්