
ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන ආකාරයට කටයුතු කළැයි චෝදනා ලැබූ හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් 45 දෙනකුට සිර දඬුවම් නියම කෙරුණි.
එම 45 දෙනා අතරේ, හොංකාං හි ප්‍රමුඛ පෙළේ නීතීඥ බෙනී ටායි ද සිටී. බෙනී ටායි ට වසර 10 ක සිර දඬුවමක් නියම විය. 2014 සහ 2019 වසරවල චීනයේ බලපෑමට එරෙහිව යමින්, හොංකොං රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතා විරෝධතා මෙහෙයවීම සිදු කළේ 60 හැවිරිදි බෙනී ටායි ය. සෙසු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන්ට වසරක් බැගින් සිරදඬුවම් නියම වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
හොංකොං ව්‍යවස්ථාදායකය සඳහා රජාතන්ත්‍රවාදී ගැති අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා නිල නොවන ප්‍රාථමික මැතිවරණයක් සංවිධානය කිරීම යන චෝදනාවට ද බෙනී ටායි සහ සෙසු ක්‍රියාකාරීන් 44 දෙනා වරදකරුවන් වූ බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd