
හොංකොං තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස ගොඩනැගිල්ලේ හටගත් ගින්නට බිලිවුණු ගණන 44 ක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මහල් නිවාස ගොඩනැගිල්ලේ ගින්න හටග්තතේ ඊයේ (26) ය. ගින්නට හසුවීමෙන් අතුරුදන් ගණන 280 කි. ඒ අනුව, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇතැයි පැවැසෙයි.
මෑත ඉතිහාසයේ හොංකොං නුවර හටගත් බිහිසුණු ගිනි ගැනීම්වලින් එක්ක ලෙස මෙම ගින්න සැලකෙයි. මෙම ගොඩනැගිල්ල මහල් 31 කින් සමන්විතය.
මහල් නිවාස ගොඩනැගිල්ලෙන් හටගත් ගින්න අසල පිහිටි තවත් ගොඩනැගිලි පහකට පැතිර ගිය බව ද පැවැසෙයි. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd