හොංකොං රාජ්‍යය කෘතිම දිවයිනක් නිර්මාණය කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
 
පවතින නිවාස අර්බුදයට අමතර භූමියක් අවශ්‍ය වී ඇති අතර එයට විසඳුමක් වශයෙන් ලෝකයේ විශාලතම කෘතිම දූපත් අතරින් එකක් නිර්මාණය කිරීමට අදහස් කර ඇත.
 
ඒ අනුව හෙක්ටයාර් 1000ක් ගොඩකර මෙම දිවයින ඉදිකරන අතර ඒ සඳහා හොංකොං ඩොලර් බිලියන 624ක් වැය කිරීමට යෝජිත වී ඇත.
 
2025 වර්ෂයේදී මෙම කෘතිම දිවයින ඉදිකිරීමට අවශ්‍ය භූමිය ගොඩකර අවසන් කරන බවත්, 2032 දී පමණ දිවයිනේ මිනිසුන් පදිංචි කිරීමට අදහස් කරන බවත් බලධාරීහු පැවසූහ.
 
මෙම දිවයින විශාල යටිතල පහසුකම් ඇතිව ඉදිකිරීමට යෝජිත අතර ඒ සඳහා වැය වන  මුදල 1998 දී ඉදිකළ හොංකොං ගුවන් තොටුපල ඉදිකිරීමට වැය කළ මුදල් මෙන් සිව් ගුණයක් වේ.
 
හොංකොං බලධාරීහු  මෙම කෘතිම දිවයින නිර්මාණය ඉදිකිරීමට සැලසුම් කර ඇති නමුත් ඒ සඳහා වැයවන මුදල මෙතෙක් අනාවරණය කර නොමැත. 
 
මෙම දැවැන්ත ව්‍යාපෘතිය වියදම් අධික බවත්, සාගර ජීවීන් ඇතුළු පරිසරයට හානි කර ව්‍යාපෘතියක් බවටත්  විවේචන එල්ල වී ඇත.
 
එබැවින් මෙම ඉදිකිරීමට එරෙහිව විරෝධතා දැක්වීමට දහස් ගණනක් හොංකොංවැසියන් වීදිවලට එක් වී ඇත.
 

 ද ගාර්ඩියන්  ඇසුරෙනි 

63226