හගිබිස් සුළි කුණාටුවෙන් ජපානයේ කෘෂිකර්මාන්තයට යෙන් බිලියන 57 ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 527 කට අධික හානියක් සිදුවී ඇත.
ප්‍රාන්ත 35 කින් මේ වන විට හානි වාර්තා වී ඇති බව ජපානයේ කෘෂිකර්ම, වනාන්තර හා ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යංශය පැවසීය.
කෘෂිකාර්මික පරිශ්‍රවලට සිදුවී ඇති හානිය අමෙරිකානු ඩොලර් මිලියන 200 ඉක්මවා තිබේ.
වනාන්තර සඳහා පිවිසෙන මාර්ග නායයෑමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 95 ක් ජපාන ආර්ථිකයට අහිමී වී ඇත.
නාගානෝ ප්‍රදේශයේ ඇපල් වතු සහ වී වගා ද මේ හේතුවෙන් විනාශ වී තිබේ.
මෙම හානි තවදුරටත් ඉහළ යනු ඇතැයි ජපානයේ බලධාරීහු සඳහන් කරති.
(එන්.එච්.කේ. ඇසුරෙනි)
226
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සුළි කුණාටුවෙන් ජපානයට ඩොලර් මිලියන 500ක හානියක්
MAHESH Sunday, 20 October 2019 05:18 PM
ඩොලර් මිලියන 500 ක් නෙමෙයි වෙලා තියෙන සම්පූර්ණ හානියේ වටිනාකම හිතන්නත් බැහැ. ගංවතුරට අහුවුණු වාහන ටිකේම වටිනාකම ඩොලර් මිලියන 500 පනිනවා...