ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා බෙරලයින් අර්ධද්වීපයේ දී ආසන හයක කුඩා ගුවන් යානයක් අනතුරට පත්ව තිදෙනකු මියගොස් ඇතැයි ඕසට්‍රේලියා පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යාන කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවත් යානය අනතුරට ලක්වන අවස්ථාවේ කාලගුණ තත්ත්වය යහපත්ව පැවති බවත් එරට ගුවන් සේවා අධිකාරිය පවසයි. වෙරළ ආරක්ෂක බෝට්ටු යොදා ගනිමින් සෙවුම් කටයුතුවල නිරතවන බව ද පොලිසිය පවසයි.