අයර්ලන්තයේ කවුන්ටිකෝර්ක් හි ජොනතන් නම් 22 හැවිරිදි තරුණයකු අවුරුදු නමයක් වයසැති තම නිවුන් සොහොයුරන් දෙදනො මරා දමා සියදිවි නසාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටොමී හා පැට්‍රික් නමැති සිය සොහොයුරන් දෙදෙනා ඝාතනය කැර ඇත්තේ පිහියකින් ඇණීමෙනි. මේ ඝාතනය සිදුවන අව්සථාවේ මවත් පියාත් සාප්පු සවාරියක් සඳහා නිවසින් බැරට ගොස් සිටියහ.
රාත්‍රී කාලයේ දරුවන් දෙදෙනාගේ විලාපය ඇසී අසල්වැසියන් පැමිණෙන විට නිවස ඉදිරිපිට තිබූ කාරයක් වේගයෙන් නික්ම ගොස් ඇත. පොලිසිය පවසා ඇත්තේ දරුවන් දෙදෙනාගේ සිරුරු වෙන වෙන ම නිදන කාමර දෙකක තිබූ බවයි. පැයකට පමණ පසු කාරය ආසන්න ප්‍රදේශයක තිබී සොයාගෙන ඇත. ජොනතන්ගේ සිරුර කාරය අසළ තිබිණි.
පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ජොනතන් වෙනත් මා පිය යුවළකගේ දරුවකු බවයි. ඔහු දරුකමට හදාගෙන ඇති බවත් ඉන් පසු නිවුන් සොහොයුරන් දෙදෙනා උපත ලබා ඇති බවත් පොලිසිය කියයි. ජොනතන් තමා මෙතෙක් මව පියා ලෙස සැළකුවේ තමන්ගේ නියම මවට සහ පියාට නොවේ යැයි දැනගෙන ඇත්තේ ඝාතනය සිදුවූ රාත්‍රියේ ය. මේ ඝාතනයට හේතුව ඒ රහස හෙළි වීම යැයි ද පොලිසිය සැක කරයි.
වයස අවුරුදු පහක් හා තුනක් වයසැති තවත් දරුවන් දෙදෙනකු මේ ඝාතනය සිදුවන අවස්ථාවේ එළියේ සෙල්ලම් කරමින් සිට ඇත. ඔවුන් දෙදෙනා නිවසට පැමිණ බලන විට සිය සොහොයුරන්ගේ සිරුර දැක තිබේ. පරීක්ෂණ පවත්වන නිලධාරීන් පවසන්නේ මෙය තම ජීවිතයේ දුටු භයානකම සිද්ධියක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රහස කවදා හෝ හෙළිවෙනවා.එවිට ඔහු/ඇය හැදු මවට වඩා උනන්දු වන්නේ වැදූ මව ගැන සෙවීමයි. කීදෙනෙක් ලංකාවේ මව්වරුන් පුවත්පත් වලින් සෙව්වාද? ලේ නෑයෙකුගේ දරුවෙක් හදාගැනීම තමා හොඳම ක්‍රමය (නි)