
පවතින අර්බුද සාමකාමී විසදා ගැනීමට චීනයත් ඇමෙරිකාවත් ක්‍රමයක් කල්පනා කළ යුතු යැයි තෙවැනි වරටත් ජනාධිපති ධුරය හිමි චීන ජනාධිපති ෂී ජින්පින් පවසයි.
ෂී ජින්පින් ට තෙවැනි වරටත් ජනාධිපති ධුරය හිමිවූයේ පසුගිය සති අන්තයේය. ඒ, කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයේ දිගටම රැඳී සිටීමට හැකි වීමත් සමගය.
මේ අතර, චීනය සමඟ ගැටුම් ඇති කර ගැනීමේ අදහසක් ඇමෙරිකාවට නැතැයි චීන ජනාධිපති ෂී ජින්පින් හොඳින් දන්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද පවසා තිබේ.
ඇමෙරිකාවත් චීනයත් අතර පවතින අර්බුද සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකිවනු ඇති බවත්, චීන ජනාධිපති ජින්පින් කිසිදු අවස්ථාවක ඇමෙරිකාව සමඟ ගැටුම් ඇති කර නොගනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද චීනයේ ආර්ථික උදවු උපකාර ,සහයෝගය නැති උනොත් මුළු ලෝකයම නිරුවත් වෙනවා .ඇඳුම් ,පැළඳුම් ,සුඛෝපභෝගී උපකරණ මේ හැම දෙයක්ම අද මුළු ලෝකයටම සපයන්නේ චීනයටයි."" Xi Jinping කියන්නේ තමන්ගේ රටට ජාතියට ආදරය කරන බුද්ධිමත් ජනාධිපතිවරයෙක්