බ්‍රිතාන්‍යයේ අන්තර් ආගමික සහජීවන සතියට සමගාමීව බ්‍රිතාන්‍ය සාමී මන්ත්‍රී මණ්ඩලයේදී ආගමික නායකයින්ගේ සුහද හමුවක් පැවැත්විණි. අජන්තා තෙන්නකෝන්ගේ මුලිකත්වයෙන් සංවිධානය කළ එකමුතුවේ දී බ්‍රිතාන්‍යයේ අද පවත්නා බහු සංස්කෘතික බහු ආගමික සමාජ වාතාවරණය යටතේ එක් එක් කණ්ඩායම් අතර සහජීවනය වර්ධනය කිරීමේත්, පවත්වාගෙන යාමේත් ,වැදගත්කම පිළිබඳව අදහස් හුවමාරු කර ගැනිණි. 

මොහොමඩ් ෂේක් සාමිවරයාගේ ආරාධනෙයන් මෙම එකමුතුව සඳහා ජේම්ස් වොල්ටර්ස්, කස්සප හිමි, ගුන්නෑපානේ සුමනාරාම හිමි,රෙබර්ට්සින් විකි බිලොව්ස්කි, ටරික් අබ්බාසි, ෆෙඩ්රික් හයිඩ් චෙම්බර්ස්, පියසැරි ලයිතන් හැරියට් ටදිකොන්ඩා, මොලී සැමුවෙල් සහ සුනිල් කාරියකරවන ද සහභාගි වුහ.

රැස්වීම ආරම්භ වුෙය් පසුගියදා පැරිසියේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් සියලුම දෙනා සිහිපත් කරමින් පැවැත්වූ යාච්ඤාවලිනි. විවිධ ආගම් නියෝජනය කරමින් රැස්වීමට සහභාගි වූ ආගමික නායකයින් අදහස් පළකරමින් කෙටි දේශනා  පැවැත්වුහ.

2 3 6 8b 11 12