ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ලෙස තරංජිත් සිං සන්ධු වැඩ භාර ගැනීමට නියමිත බව නිව් ඉන්දියන් එක්සප්‍රස් පුවත් සේවය කියයි.
වයි.කේ සිංහාගේ සේවා කාලය අවසන් වීම නිසා ශ්‍රී ලංකාවට එන තරංජිත් වසර 28ක විදේශ සේවයේ පළපුරුද්දක් ඇත්තෙකි. 1988 දී ඉන්දිය විදේශ සේවය හා එක් විය.
2000 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානීයා ලෙස ඔහු කටයුතු කර ඇත. තරංජිත් මහතා නොර්වේ මැදහත් වීමෙන් 2002 - 2004 දක්වා කාලයේ සිදු වූ ශ්‍රී ලංකා රජය හා එල්ටීටීඊ සංවිධානය අතර සාම සාකච්ඡා වලදී ඉන්දීය රජය වෙනුවෙන් සොයා බැලීම් කළේය.
ඉන් අනතුරුව ඒ මහතා රාජ්‍යතාන්ත්‍රිය නිළධාරියෙකු ලෙස විවිධ රටවල සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිතයා ලෙස ද කටයුතු කර තිබේ. මේ වන විට 53 වන වියේ දෙදරු පියෙක් වන තරංජිත් මහතා වර්ෂ 1963 ජනවාරි මස 23 වනදා උපත ලබා ඇත.ඔහු ජවහල්ලානේරු විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිධාරියෙක් ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු වෙනස කොහොමද කියලා (නි)
එ් කියන්නේ අර ගහලා තියෙන ගිවිසුම් ගැන එහෙම හොඳට දන්නා කෙනෙක්ද? (නි)