තමා සේවය කළ විශ්ව විද්‍යාලයේ සිසුවකුට පහරදීම හා ඔහුට අසුචී ආහාරයට ගෙන මුත්‍රා පානය කිරීමට බල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවකුවූ දකුණු කොරියාවේ විශ්ව විද්‍යාලයක හිටපු මහාචාර්යවරයකුට වසර 12ක සිර දඬුවමක් ලබාදීමට එරට අධිකරණය තීරණය කර ඇත.
වසර දෙකකට පෙර වූ එම සිදුවීමට සහාය දැක්වූ තවත් තිදෙනකුටද වසර තුනේ සිට හය දක්වා සිර දඬුවම් හිමිවිය.
සුවෝන් දිස්ත්‍රික් අධිකරණය මෙසේ දඬුවම් දුන් අතර වයස අවුරුදු 52 ක් වන මහාචාර්යවරයා සිදුකළ ක්‍රියාව ඉතා බරපතල බවත් ඊට දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් අධිකරණය පැහැදිලි කළේය.
හිටපු මහාචාර්යවරයා සහ අනෙක් තිදෙනා එම සිසුවාගේ වරදකට හා ඔහුගේ නරක හැසිරීමට එරෙහිව බේස් බෝල් පිත්තකින් පහරදී ඇතැයි පොලිසිය කියයි. වැරදිකරුවන්වූ තිදෙනා සිසුවාගේ හිස පොලිතින් බෑගයකින් වසා ඊට ගම්මිරිස් කුඩු ඉස ඇතැයිද පොලිසිය පවසයි. ඉන්පසු ප්ලාස්ටික් බෝතල්වල දමා තිබූ ඔවුන්ගේ මළ මූත්‍ර සිසුවාට ආහාරයට ගන්නා ලෙස බලකර ඇතැයි කියති.
මේ සිදුවීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා පසුගිය වසරේ සැත්කමකටද භාජනය කර ඇතැයි එරට ප්‍රවෘත්ති සේවා පවසයි.
සිසුවා අධිකරණයට කියා ඇත්තේ හිටපු මහාචාර්යවරයාගේ මෙවැනි සාහසික ක්‍රියාකාරකම් තමා විසින් ඉවසා සිටියේ ඔහු තමාට රැකියාවක් සොයාගැනීමට උදව් කරන බව පැවසූ නිසා බවයි.
එම මහාචාර්යවරයා පසුගිය අගෝස්තු මාසයේදී විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැර ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මෝ.. අපේ රටේ ද මෙවැනි දේ කියවීමෙන් දුර්ජන මිනිසා පෙළඹෙන්නේ මෙවැනි දේ කිරීමටය. එය සමාජයට මහා පිළිලයකි ..? (බ)
යකදුරෙක්වත් වෙන්න සුදුසු නොවන පුද්ගලයෙක් මොකට මහදුරෙක් වුනාද මන්ද ? (බ)
අසුචි අනුභවයෙන් පලක් නැත. එහි පෝෂ්‍ය පදාර්ථ නැත. නමුත් මුත්‍රා එසේ නොවේ. එය අපමණ ජීර්ණයට පහසු ප්‍රෝටීන් සහ ඇමීනෝ අම්ලයන්ගෙන් හා කයෙන් පිටවන විටමින් වලින් පරිපුර්ණය. උදේ පාන්දරම පහ වන මුත්‍රා වීදුරුවක් බොන්නේ නම් නිරෝගීව සහ කය සහ මාංශ පේශී ලස්සනට තබා ගත හැක. ශරීරයට උරා ගන්නා ලවණ සහ විටමිනයන් බහුලව ඇති නිසා සම හා පෙනුම ලස්සන කරයි. (අ)
අපේ රටේ මීට වැඩිය දේ වෙනවා (බ)
ඩොක්ටර් හැනිබල් වගේ පොරක් නේ ..(බ)
මහාචාර්යවරයාගේ අධම ක්‍රියාව හෙළාදකින අතර මොරාජ් දේශායි මහතා ඉන්දියාවේ හිටපු අගමැතිතුමා සැමදෙනා මූත්‍රා පානය කරන බව මම කියවා ඇත. (බ)
හොඳ වැඩේ. පාඩුවේ වැඩක් බලාගෙන හිටියනම් ඉවරයිනේ.(හේ)
පුදුම දේවල් තමයි අහන්න දකින්න වෙන්නේ (හේ)