ඇමරිකාවේ වොෂින්ටන්හි රජයේ පාසැලක ආපන ශාලාවේ දී වෙඩි තබා තම සහෝදර ශිෂ්‍යාවක ඝාතනය කර තවත් සිසුන් පිරිසකට තුවාල සිදුකළ සිසුවකු සියදිවි නසාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබීමේ සිද්ධිය වී ඇත්තේ සීට්ල් සමීපයේ වු මේරිස්විලි පිල්චුක් උසස් විද්‍යාලයේය.
වෙඩි වැදීමෙන් එක් සිසුවියක මියගොස් තවත් හතර දෙනකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් අතර ද ශිෂ්‍යාවන් දෙදෙනෙක් සිටිති. තුවාල ලැබූ අනෙක් දෙදෙනා වෙඩි තැබූ සිසුවාගේ ඥාතී සහෝදරයන් දෙදෙනකු යැයි පොලිසිය ප්‍රකාශකැර තිබේ. තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්වය ඉතාමත් බරපතල බවද පැවසේ. වෙඩි තැබූ පුද්ගලයා ජෙලින් ෆ්‍රයිබර්ග් ලෙස හඳුනාගෙන ඇත. ඔහු සිද්ධිය වු ස්ථානයේදීම මියගොස් තිබේ.
පොලිසිය පවසන්නේ ඔහු තම ඥාති සහෝදරයන් දෙදෙනාට වෙඩි තැබීමට පැමිණ ඇති බවයි.
ෆෙඩරල් බලධාරින් පවසන්නේ මෙම සිද්ධියට අදාල තුවක්කුව නීත්‍යානුකූලව මිලට ගත් එකක් බවයි.
2025 නොවැම්බර් මස 04
412
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2186
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිසුන්ට වෙඩි තබා සිසුවෙක් දිවි නහගනියි
තිලක් Monday, 27 October 2014 03:37 PM
ඇමරිකාව අහිංසක මිනිස්සුන්ට කරන අපරාද වලට නිසි පිළිතුරු මේ ළමයින්ගෙන් ලැබෙනවා. (අ)
ඉසුරන්දි Monday, 27 October 2014 04:31 AM
ලංකාවේ මිනිසුන්ට නීත්‍යානුකූලව තුවක්කුවක් පරිහරණය කරන්න දුන්නා නම් ලංකාවක් හොයාගන්න බැරිවෙයි මේ ගහමරාගන්න විදිහට. (නි)
සාරංග Monday, 27 October 2014 04:46 AM
කවුරු මොන බණ කිවුවත් ලංකාවේ මීටත් වඩා වැඩි දේවල් වෙනවා (නි)
ශාන්ති Monday, 27 October 2014 07:29 PM
පාසලට කවුද තුවක්කු ගෙනෙන්න දුන්නේ? (නි)
චමින්ද Sunday, 26 October 2014 03:14 AM
ඇමරිකාවේ නිත්‍යානුකුල ගිනි අවි භාවිතය, නීතියානුකුලව තිබෙන තෙක් මෙවැනි සිදුවීම් සාමන්‍යය දේවල්. ඒ වාගේම නීතියෙන් මතු අනාගතයේදී අවි භාවිතය තහනම් වුවත්, [ එවැනි තහනමක් සිදු වීමට ඇති ඉඩකඩ ඉතා අඩුය] මෙවැනි සිදුවීම් වල අඩුවක් දැකීමට නොහැකි වනු ඇත. (නදී)
ටානියා Sunday, 26 October 2014 08:57 PM
පාසල් ළමයින්ට මොකටද තුවක්කු? (නි)
ධම්ම Sunday, 26 October 2014 04:26 AM
දැන් සිදුවෙන දේවල් බැලුවාම එහෙයි මෙහෙයි වෙනසකට තියෙන්නේ පිස්තෝලේ නීත්‍යානුකුල බව විතරයි. (නදී)
කමල් Sunday, 26 October 2014 04:39 AM
නිත්‍යානුකුලව ගත්ත එකක් නම් කමක් නැද්ද (නදී)
මහීපාල Monday, 27 October 2014 12:56 AM
ඇමෙරිකාව බණ කිව්වට එහි තිබෙන අසමානතා නිසා මිනිස්සු ඉන්නේ කළකිරීමෙන්. එම නිසා තමයි මේ වගේ දරුණු වැඩ කරන්නේ. (නි)
ඉසුරු Monday, 27 October 2014 11:59 AM
ඉසුරන්ධි ඔය හරි ශෝක් අනේ..(අ)