රුසියාවේ රුපවාහිනී නාලිකාවක සජීවී පුවත් විකාශය අතරතුර නිවේදිකාවට පිටු පසින් යුද්ධය එපා යනුවෙන් සඳහන් කළ පුවරුවක් රැගෙන උද්ඝෝෂණයේ නිරත වූ මරීනා ඔව්සියැනිකෝවා හට රුසියානු අධිකරණය විසින් රූබල් 30000 (ඇමෙරිකන් ඩොලර් 280 ක) දඩයක් නියම කළේය.
දෙදරු මවක් වූ මරීනා සංස්කරණ ශිල්පිණියක ලෙස චැනල් 1 නාලිකාවේ සේවය කරන අතර රුසියාවේ වැඩිම පිරිසක් නරඹන චැනල් 1 සජීවී පුවත් විකාශයට බාධා කරමින් ”යුද්ධය එපා.යුද්ධය පිළිබඳ ප්‍රචාරය කරන මතය විශ්වාස කරන්න එපා.මේගොල්ලො ඔයගොල්ලන්ට කියන්නේ බොරු”යැයි සඳහන් කළ පුවරුවක් රැගෙන සටන් පාඨ කියා ඇත.
නීති විරෝධී ලෙස උද්ඝෝෂණය කිරීම හේතුවෙන් රුසියානු අධිකරණයේ නඩුවක් පැවරුණු අතර එහිදී ඇය වරද පිළිගත්තේ නැත.නමුත් නඩුව අවසානයේ තීන්දුව ලබාදෙමින් අධිකරණය විසින් මරීනා වරදකරු කරමින් ඩොලර් 280 ක දඩයක් නියම කළේය.
නීති විරෝධී උද්ඝෝෂණකරුවන් දවස් 10 ක් වා රඳවා ගැනීමට හැකියාව තිබෙන අතර මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශිකා රවීනා ශම්දසානි රුසියාවට ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ මරීනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භාවිතා කිරීම නිසා ඇයට දඬුවම් ලබා නොදෙන ලෙසත්ය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සංස්කරණ ශිල්පිනියට දඩ