IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ස්වාසිලන්තයේ රජු රටේ නම වෙනස් කරයි

(ස්වාසිලන්තයේ ම්බබානේහිදීය (ඒ.එෆ්.පී)
බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර 50ක් පිරීම නිමිත්තෙන් රටේ නම ‘ඊස්වාටිනි’ යනුවෙන් නම් කරන බව ස්වාසිලන්තයේ රජු බ්‍රහස්පතින්දා (19) නිවේදනය කර ඇතැයි වාර්තා වේ. 

ලෝකයේ පූර්ණ රාජාණ්ඩු පාලනයක්සහිත රටවල් අතළොස්ස අතරින් එකක් වන ස්වාසිලන්තයේ නම මෙලෙස වෙනස් කිරීමට එරට රජු තීරණය කර තිබේ.

‘ඊස්වාටිනි’ යන්නේ තේරුම ‘ස්වාසියේ ස්ථානය’ යන්නයි. ‘ඊස්වාටිනි’ එසේත් නැතිනම් ස්වාසිලන්තය දකුණු අප්‍රිකාව සහ මොසැම්බික් අතර පිහිටි භූමියෙන් වට වූ කුඩා භූමි ප්‍රදේශයකි. 

බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ බොහෝ රටවල් එම අවස්ථාවලදී ඔවුන්ගේ රටවල නම වෙනස් කළත් වසර 60කට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය පාලනයේ සිටි ස්වාසිලන්තය 1968 දී නිදහස ලැබූ අවස්ථාවේදී ඔවුන්ගේ රටේ නම වෙනස් කිරීමට කටයුතු නොකළේය. 

මන්සිනි නගරයේ පැවැති නිදහස් දින උත්සවයේදී ස්වාසිලන්තයේ නම ‘ඊස්වාටිනි’ යනුවෙන් නම් කරන බව එරට තුන්වැනි ම්ස්වාටි රජු නිවේදනය කළේය. 
“මම ස්වාසිලන්තයේ නම ‘ඊස්වාටිනි’ යනුවෙන් නම් කරනවා” යැයි රතු පැහැති යුද ඇඳුමින් සැරසී සිටි තුන්වැනි ම්ස්වාටි රජු නිවේදනය කළේය.

(055)
 



අදහස් (6)

ස්වාසිලන්තයේ රජු රටේ නම වෙනස් කරයි

Ruwan Friday, 20 April 2018 05:46 AM

අපේ රටේ හිටපු නායකයා මේ උත්සවයට යන්න ඇති නිරිෂකයෙක් විදියට.

:       373       509

de silva Friday, 20 April 2018 06:52 AM

මෙතුමා අපේ හිටපු රජතුමාගේ හිතවත් රජ කෙනෙක්නෙ ,

:       417       534

Jerami Friday, 20 April 2018 09:07 AM

සුදුසුම නම "මිහින්ලන්තය"...

:       111       197

බණ්ඩාර Friday, 20 April 2018 11:28 AM

දැන් රාජපක්ෂ පවුලේ ස්වාසිලන්තේ තිබුණු හොර ගිණුම් අහෝසියි. ඒ මොකද එහෙම රටක් දැන් නෑ. එමනිසා රනිල්ට දැන් තවත් ලේසියි.

:       46       51

දමිත Friday, 20 April 2018 06:31 PM

අපේ සමහරු ස්වාසීලන්තයට සමච්චල් කළාට කැනඩාව ඇතුළු පොහොසත් රටවල් ගණනාවකට යන්නට ස්වාසීලන්ත පුරවැසියන්ට වීසා අවශ්‍ය නෑ.

:       0       196

Rasi Sunday, 22 April 2018 02:02 PM

හිටපු ජනාධිපතිතුමාගේ ගජ මිතුරෙක්...

:       0       75

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site