(ස්වාසිලන්තයේ ම්බබානේහිදීය (ඒ.එෆ්.පී)
බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර 50ක් පිරීම නිමිත්තෙන් රටේ නම ‘ඊස්වාටිනි’ යනුවෙන් නම් කරන බව ස්වාසිලන්තයේ රජු බ්‍රහස්පතින්දා (19) නිවේදනය කර ඇතැයි වාර්තා වේ.
ලෝකයේ පූර්ණ රාජාණ්ඩු පාලනයක්සහිත රටවල් අතළොස්ස අතරින් එකක් වන ස්වාසිලන්තයේ නම මෙලෙස වෙනස් කිරීමට එරට රජු තීරණය කර තිබේ.
‘ඊස්වාටිනි’ යන්නේ තේරුම ‘ස්වාසියේ ස්ථානය’ යන්නයි. ‘ඊස්වාටිනි’ එසේත් නැතිනම් ස්වාසිලන්තය දකුණු අප්‍රිකාව සහ මොසැම්බික් අතර පිහිටි භූමියෙන් වට වූ කුඩා භූමි ප්‍රදේශයකි.
බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ බොහෝ රටවල් එම අවස්ථාවලදී ඔවුන්ගේ රටවල නම වෙනස් කළත් වසර 60කට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය පාලනයේ සිටි ස්වාසිලන්තය 1968 දී නිදහස ලැබූ අවස්ථාවේදී ඔවුන්ගේ රටේ නම වෙනස් කිරීමට කටයුතු නොකළේය.
මන්සිනි නගරයේ පැවැති නිදහස් දින උත්සවයේදී ස්වාසිලන්තයේ නම ‘ඊස්වාටිනි’ යනුවෙන් නම් කරන බව එරට තුන්වැනි ම්ස්වාටි රජු නිවේදනය කළේය.
“මම ස්වාසිලන්තයේ නම ‘ඊස්වාටිනි’ යනුවෙන් නම් කරනවා” යැයි රතු පැහැති යුද ඇඳුමින් සැරසී සිටි තුන්වැනි ම්ස්වාටි රජු නිවේදනය කළේය.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ හිටපු නායකයා මේ උත්සවයට යන්න ඇති නිරිෂකයෙක් විදියට.
මෙතුමා අපේ හිටපු රජතුමාගේ හිතවත් රජ කෙනෙක්නෙ ,
සුදුසුම නම "මිහින්ලන්තය"...
දැන් රාජපක්ෂ පවුලේ ස්වාසිලන්තේ තිබුණු හොර ගිණුම් අහෝසියි. ඒ මොකද එහෙම රටක් දැන් නෑ. එමනිසා රනිල්ට දැන් තවත් ලේසියි.
අපේ සමහරු ස්වාසීලන්තයට සමච්චල් කළාට කැනඩාව ඇතුළු පොහොසත් රටවල් ගණනාවකට යන්නට ස්වාසීලන්ත පුරවැසියන්ට වීසා අවශ්‍ය නෑ.
හිටපු ජනාධිපතිතුමාගේ ගජ මිතුරෙක්...