ස්වාසිලන්ත (ඊස්වාතිනී) රාජ්‍යයේ, විපක්ෂ නායක ලුන්ගීසි මකාන්යාට වස දී ඝාතනය කිරීමට උත්සාහ ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෝගල්ගත කෙරුණු 46 හැවිරිදි ලුන්ගීසි මකාන්යාගේ තත්ත්වය බරපතල බව ද පැවැසෙයි.

දේශපාලන අර්බුද සහ මරණ තර්ජන මැද ලුන්ගීසි මකාන්යා, ස්වාසිලන්තයෙන් පිටුවහල් වී, අසල්වැසි දකුණු අප්‍රිකාවේ ජීවත් වෙයි.

ඒ වසර දෙකක කාලයක් තිස්සේය. ලුන්ගීසි මකාන්යාට මරණ තර්ජන එල්ල වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට උත්සාහ ගැනීම හේතුවෙනි. මකාන්යා නියෝජනය කරන්නේ ‘එක්සත් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ පක්ෂයයි.

(ඒ.එෆ්.පී.)