සෝවියට් සමයේ අවසන් කාලය මෙන් රට පාලනය කිරීමට තමන්ට අවශ්‍ය නැතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ශාන්ත පීටර්ස්බර්ග්හිදී ප්‍රකාශ කළේය.
සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවසන් කාලයේදී එරට පාලකයන් තමන්ගෙන් පසු රටේ පාලකයා ලෙස පත්වන්නේ කවුදැයි යන්න සම්බන්ධයෙන් තීරණයක් හෝ උපායමාර්ගයක් හෝ නොමැතිව දිවි අවසන් වනතුරු රට පාලනය කළේය.
ශාන්ත පීටර්ස්බර්ග්හිදී දෙවැනි ලෝක යුද්ධයේ විරුවන් හමුවෙමින් රුසියානු ජනාධිපතිවරයා ඊයේ (18) ඒ බව පැවැසීය.
රුසියානු ජනාධිපතිවරයා ඉකුත් දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු යැයි ප්‍රකාශ කළ අතර ඒ අනුව ඊට ඉඩ දෙමින් අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රමුඛ ආණ්ඩුවම ඉල්ලා අස්විය.
ඉන් අනතුරුව සියලු දෙනා පුදුමයට පත් කරමින් ජනාධිපති පුටින්, රුසියාවේ ෆෙඩරල් බදු සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මිහායිල් මිස්හුස්ටින් නව අග්‍රමාත්‍යවරයා ලෙස පත් කළේය. නව ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලට පත්වන්නේ කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන් රුසියානු ජාතිකයෝ දැන් විමසිල්ලෙන් බලා සිටිති.
පුටින් ඉදිරිපත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට අනුව ජනාධිපති ධුරයට පිටින් බලතල ඇති තනතුරු කිහිපයක් ස්ථාපිත කෙරෙනු ඇතැයි පැවසේ. මෙම සංශෝධන පුටින් 2024 දී ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගිය පසු තවදුරටත් බලය අල්ලාගෙන සිටීමට ගන්නා උත්සහායක් යැයි ද කියැවේ. ඔහු දශක දෙකක් මුළුල්ලේ රුසියානු දේශපාලනය යටත් කරගෙන සිටින අතර එක් අවස්ථාවකදී අග්‍රාමාත්‍ය ධුරය ද හෙබවීය. හෙතෙම 2000 වසරේ සිට 2008 වසර දක්වා ධුර කාල දෙකක් ජනාධිපති ධුරය හෙබ වූ අතර 2012 වසරේ තෙවැනි වරට ජනාධිපති ධුරයට පත්විය. නැවත 2018 වසරේදී සිවුවැනි වරට ජනාධිපති ධුරයට පත්විය.
හිටපු කේ.ජී.බී. (සෝවියට් සමූහාණ්ඩුව සමයේ එරට ප්‍රධාන ආරක්ෂක ආයතනය) නිලධාරියකු වන පුටින් සිය ධුර කාලය අවසන් වීමෙන් පසුත් බලය අල්ලාගෙන සිටීමට උත්සාහ කරන්නේ යැයි ඇතැම් පිරිස් චෝදනා කරති. රුසියාව ලොව විශාලතම රට වන අතර න්‍යෂ්ටික බලවතුන් පස් දෙනාගෙන් එක් අයෙකි. ජනාධිපති පුටින් මේ වනවිට 67 වන වියේ පසුවෙයි.
‘ලෙනින්ග්‍රැඞ්’ මුදා ගැනීමේ යුද ජයග්‍රහණයේ 77 වැනි සංවත්සරයට එක්වෙමින් පුටින් ‘ජනාධිපති ධුරය’ සම්බන්ධයෙන් එසේ අදහස් දැක්වීය. ජනාධිපති ධුරයට තිබෙන ධුර සීමා ඉවත් කිරීමට කාලය නෙවේදැයි එහි සිටි යුද විරුවෙක් පුටින්ගෙන් විමසීය. ඊට පිළිතුරු දුන් ජනාධිපති පුටින් “ජනාධිපති ධුරය, විශේෂයෙන් ධුර සීමාව සහ බලයේ රැඳී සිටීම බොහෝ දෙනකුට සම්බන්ධයි. ඒ වගේම සමාජයීය, රාජ්‍ය සහ දේශීය මෙන්ම විදේශීය ස්ථාවරත්වය ගැන මිනිස්සු තුළ කනස්සල්ලක් ඇති කරනවා” යැයි කීවේය.
“එහෙත් 1980 අග භාගයට රට ගෙන යෑම තවත් කනස්සලක්. එය දැඩි කනගාටුවක් ඇති කරන්නක්. ඒ කාලයේ නායකයෝ මිය යනතෙක්ම බලයේ රැඳි සිටියා. ඊළඟට බලයට එන්න ඕනෑ කවුරුන්ද නායකයා වෙන්න ඕනෑ කවුරුන්ද කියලා හරි තීරණයක් තිබුණේ නැහැ. ඒ නිසා ස්තූතියි, ඒ කාලයට යන එක සුදුසු නැහැ. ඒ කාලයට යන්න ඕනෑම නැහැ” යැයි ද පුටින් කීය.
සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් කාලය වයස්ගත නායකයන්ගෙන් බහුල කාලයක් විය. ලියෝනිඞ් බ්‍රෙෂ්නෙව්, යූරි අන්ද්‍රෝපොව් සහ කොන්ස්තන්තින් චර්නෙන්කෝ යන නායකයෝ මිය යනතුරුම බලය හෙබවූහ. ඒ නිසා අනෙක් පිරිස අතර බලය අල්ලාගැනීමට සඳහා අර්බුද හා ගැටුම් ඇතිවිය.
දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පුටින් 2024 දී ජනාධිපති ධුරයෙන් ඉවත්ව යනු ඇතැයි ද එහෙත් වෙනත් භූමිකාවකට පිවිස බලය අල්ලාගෙන සිටිනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.
රොයිටර්
055

2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘සෝවියට් සමයේ අවසන් කාලය මෙන් රට පාලනය කරන්න අවශ්‍ය නෑ‘‘