නින්ද සම්බන්ධ සියළු තොරතුරු සටහන් වන අධි සංවේදන උපකරණයක් නිපදවා ඇත. මෙමගින් යමකු නින්දේ යෙදී සිටින කාලය, නින්ද ගියා ද නැද්ද යන වග මෙන් ම නින්දේදී ගෙරවීම හා ඈතින් ඇසෙන ශබ්ද පවා සටහන් කැර ගනී.

රාත්‍රී කාලයේ හරිහැටි නින්ද ලැබුවේ ද යන්න පිළිබඳ මේ යන්ත්‍රය වඩාත් නිවැරදි දත්ත ලබා දෙයි. අසල්වැසියාගේ සුරතල් බල්ලාගේ බිරුම් ශබ්දය, බුරන ලද වේලාව. වරින් වර නිදන කාමරයේ ආලෝකය වෙනස් වූ ආකාරය ආදී සියල්ල එහි සටහන් වන බව නිෂ්පාදකයෝ කියති.

මේ සංවේදක උපකරණය මගින් නින්ද පිළිබඳ ලකුණු මට්ටමක් සෑම රාත්‍රියක ම ලබා දෙයි. වෛද්‍යවරු පවසන්නේ සාමාන්‍යයෙන් මිනිසා තම ජීවිතයෙන් තුනෙන් එකක් නින්ද වෙනුවෙන් වැයකරන බවයි. ඉතිරිය වැය වන්නේ ද අප නින්ද වෙනුවෙන් කාලය වැය කළ ආකාරය අනුවය.

hitech 1 hitech 4