ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ස්වීඩනයේත්, නෝර්වේ රාජ්‍යයේත් හදිසි ආපදා තත්ත්වයක් නිර්මාණය වී ඇත.

දින ගණනක් තිස්සේ නොකඩවා මහ වැසි ඇද හැලෙමින් පවතින බැවින් මාර්ග රැසක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවත්, ගමනා ගමන කටයුතු අඩපණ වී ඇති බවත් වාර්තා වේ.

දුම්රිය රැසක් පීලිපැනීමට ලක් වී ඇතැයි ද ස්වීඩන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. දුම්රිය පීලිපැනීමට ලක් වෙද්දී එහි 100 කට වැඩි මගීන් පිරිසක් සිටියහ. දුම්රිය පීලිපැනීමෙන් තුවාල ලැබූ පිරිස රෝහල්ගත කෙරුණි.

කාලගුණ විද්‍යාඥයන් පවසා ඇති අන්දමට, නෝර්වේ රාජ්‍යය අධික වර්ෂාවකින් පීඩාවට පත් වූයේ වසර 25 කට පසුවය. ස්වීඩනය පීඩාවට පත්වූයේ වසර 50 කිනි.