IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ස්වීඩනය-ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ඉල්ලයි

ස්වීඩනය සහ ෆින්ලන්තය, නිල වශයෙන් ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලුම් කර තිබේ.

‘නේටෝ’ සංවිධානය ද ස්වීඩනය සහ ෆින්ලන්තයට සාමාජිකත්වය ලබා දීමට එකපයින් කැමැත්ත පළ කර ඇති අතර, සාමාජිකත්වය ලබා දීමේ ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කිරීමට වසරක කාලයක් ගත වනු ඇතැයි පැවැසෙයි.

ස්වීඩනය සහ ෆින්ලන්තය ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලුම් කිරීම, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති බවත්, ස්වීඩනය සහ ෆින්ලන්තය ගත් තීරණය රුසියන් ජනාධිපති පුටින්ට එල්ල කළ ‘අතුල් පහරක්’ බවත් බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ.

ස්වීඩනය මෙන් නොව ෆින්ලන්තය, රුසියාවේ අසල්වැසියකු වන අතර, රුසියා සහ ෆින්ලන්තය අතර දේශසීමාව කිලෝ මීටර් 1,340 කි.

ස්වීඩනය සහ ෆින්ලන්තය‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලීමත් සමඟ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ තම හමුදාවට අයත් න්‍යෂ්ටික අවි රුසියන් ෆින්ලන්ත දේශසීමාවේ ස්ථාපිත කිරීමට කඩිනමින් පියවර ගන්නා බවය.
මේ වනතුරු ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝවට සහාය දැක්වූ රාජ්‍යයන් ලෙස කටයුතු කළ අතර කලාපීය අර්බුදවලදී ඔවුන් නිර්පාක්ෂීව තීන්දු තීරණ ගත්තේය. ‘නේටෝ’ සංවිධානය පිහිටුවීමේ අරමුණ රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමටය. ‘නේටෝ’ සාමාජිකයන් බවට පත් වුණු රටවල් ගණන 30 කි.

ස්වීඩනය සහ ෆින්ලන්තය ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලුම් කළේ රුසියාව, යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය මුල්කොට ගනිමිනි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට කටයුතු කළේ, යුක්රේනය නේටෝ හිතවාදී රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමත් නේටෝ සාමාජිකත්වයට කැමැත්ත පළ කිරීමත් නිසාය.

යුක්රේනය රුසියාවේ සමීපතම අසල්වැසියා වන අතර, නේටෝ සාමාජිකත්වය යුක්රේනයට හිමිවුවහොත්, එය රුසියාවේ ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් වනු ඇතැයි රුසියාවේ විශ්වාසයයි. රුසියන් ජනාධිපති පුටින්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත් අවස්ථාවේදී කියා සිටියේ, තමන් යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ගත්තේ ‘නේටෝ’ සංවිධානය තවත් පුළුල් වීමට ඉඩ නොතබමින් බවය.

(රොයිටර්)



අදහස් (0)

ස්වීඩනය-ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site