නොබෙල් ත්‍යාගලාභියකු ද වන ස්වීඩන් රජු බ‍්‍රයන් ෂ්මිඞ්, ඔහුට හිමි නොබෙල් රන් පදක්කම ද සමඟ ඇමෙරිකාවට ගිය අවස්ථාවේදී, ඔහු කවුදැයි හෝ නොබෙල් පදක්කම කුමක්දැයි හෝ නොදත් ඇමෙරිකන් ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් රජතුමා පැය කිහිපයක් ගුවන්තොටුපොළේ රඳවාගෙන ප‍්‍රශ්න කළේ යැයි බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ස්වීඩනයේ රජු බ‍්‍රයන් ෂ්මිඞ් රජුට නොබෙල් තෑග්ග හිමිවූයේ 2011 වසරේදීය. ඒ, භෞතික විද්‍යාව වෙනුවෙන් රජතුමා කළ මෙහෙවර වෙනුවෙනි. ස්වීඩන රජු හෝ රජ පවුලේ පිරිවර හෝ බි‍්‍රතාන්‍ය රජ පවුල මෙන් ජනපි‍්‍රය නැත.

බි‍්‍රතාන්‍ය රජ පවුල මෙන් ස්වීඩන රජ පවුල ද නාමික රජ පවුලක් පමණි. කෙසේ නමුත් මාධ්‍ය හරහා ලැබෙන ප‍්‍රසිද්ධිය හේතුවෙන් බි‍්‍රතාන්‍ය රජ පවුලට යුරෝපා රටවල අනෙක් රජ පවුල්වලට වඩා ලොකු ජනපි‍්‍රයත්වයක් ලැබී ඇත. කවුරුත් ඔවුන් හොඳින් දනිති.

ස්වීඩන රජු බ‍්‍රයන් ෂ්මිඞ් ආරක්ෂක අංශ විසින් ප‍්‍රශ්න කිරීමට ලක් කෙරුණේ, රජතුමා ඔහුට හිමි කැරට් 24 ක් වටිනා නොබෙල් රන් පදක්කම ද සමඟ ඇමෙරිකාවේ නෙබ්රැුස්කා ප‍්‍රාන්තයේ ෆාර්ගෝ ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදීය.

රජතුමා එම රන් පදක්කම රැුගෙන නෙබ්රැුස්කා ගොස් ඇත්තේ ඔහුගේ මිත්තණියට එය පෙන්වීමටය. මිත්තණිය ජීවත් වන්නේ ෆාර්ගෝ නුවරය. 

කැරට් 24 ක් වටිනා තනි රන් පදක්කමක් රජුගේ සන්තකයේ තිබීම ගැන විමතියට පත් ආරක්ෂක නිලධාරීන්, ඔහු සොරකු යැයි සැක කර ඇතැයි ද පැවැසෙයි. ‘ඔහේට මේ පදක්කම ලැබුණේ කොහොමද ? දුන්නේ කවුද ?’ ආදී වශයෙන් ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් රජුගෙන් ප‍්‍රශ්න කර ඇත. එවෙලේ රජු සමඟ සිටි ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා කරුණු පහදා දීමට උත්සහ කළ ඇති නමුත් ඇමෙරිකන් නිලධාරීන් ඒවා ඇසීම ප‍්‍රතික්ෂේප කර ඇත.

පැය කිහිපයකට පසු, තමන් ප‍්‍රශ්න කරන්නේ ස්වීඩන රජු බව ආනාවරණය වීමත්, ඔහු සන්තකයේ ඇත්තේ ඔහුට හිමි නොබෙල් පදක්කම බව වටහා ගැනීමත් සමඟ රජුගෙන් සමාව ගෙන ඔහුට යන්න අවසර දීමට ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීහු කටයුතු කළහ.