ස්ටෙෆාන් ලෝවන් ස්වීඩන ඉතිහාසයේ විශ්වාසභංගයකින් පරාජයට පත්වූ පළමු අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.
ස්වීඩන ආණ්ඩුවට එරෙහිව එරට අන්ත දක්ෂිණාංශික ‘ස්වීඩන් ඩිමොක්‍රටික්’ පක්ෂය පසුගිය සතියේ දී විශ්වාසභංගය ගෙනා අතර එහි ඡන්ද විමසීම අද පැවැත්විණි.
ආණ්ඩුව බදු කුලී පාලනය කිරීම සඳහා ගෙන ඒමට නියමිතව ඇති නියෝගවලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටින බව පසුගිය දිනවල ආණ්ඩුවට සහාය දුන් වාමාංශික පක්ෂය සඳහන් කළේය.
ස්වීඩනයේ සාම්ප්‍රදායික ‘මොඩරේට්’ පක්ෂය සහ ක්‍රිස්ටියන් පක්ෂය විශ්වාසභංගයට සහාය දුන්නේ ය.
ස්වීඩන පාර්ලිමේන්තුව මන්ත්‍රී ආසන 349කින් සමන්විත අතර විශ්වාසභංගයට සහාය පළ කරමින් මන්ත්‍රීවරුන් 181 දෙනකු ඡන්දය ප්‍රකාශ කර තිබිණි.
ස්වීඩන දේශපාලන ඉතිහාසයේ විශ්වාසභංග 11ක් ඉදිරිපත් වී තිබෙන අතර ඒ සියල්ලම පරාජයට පත්ව ඇත.
ඒ.එෆ්.පී.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ස්වීඩන අගමැති විශ්වාසභංගය පරදී