මැලේසියාවේ පිහිටි ලොව විශාලතම රබර් අත්වැසුම් නිශ්පාදන සමාගමක සේවකයින් 2,500ක් පමණ කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් පසු කර්මාන්තශාලා බොහොමයක් වසාදමා තිබේ.
"ටොප් ග්ලව්" නමින් හැඳින්වෙන මෙම සමාගමේ කර්මාන්තශාලා 28ක් අදියර වශයෙන් වසා දමා ඇති අතර රෝගය පැතිරීම පාලනය කිරීමට උත්සාහ කරන බව එහි බලධාරීහු පවසති.
"ධනාත්මක බව පරීක්ෂා කළ සියලුදෙනා රෝහල් ගතකර ඇති අතර අනෙකුත් සේවකයන්ට ආසාදන පැතිරීම වළක්වාගැනීම සඳහා ඔවුන්ගේ සමීප සබඳතා නිරෝධායනය කර තිබේ," යැයි මැලේසියාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්නූර් හිෂාම් අබ්දුල්ලා පැවසීය.
කර්මාන්තශාලා සහ නේවාසිකාගාර පිහිටි ප්‍රදේශවල කොරෝනා රෝගීන් වාර්තා වීමේ තියුණු වැඩිවීමක් දක්නට ලැබෙන බව මැලේසියාවේ සෞඛය අමාත්‍යාංශය ද වාර්තා කළේය.
මේ වනවිට සේවකයන් 5,800කට වැඩි සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් 2,453 දෙනකු කොරෝනා රෝගීන් බව හෙළිවී තිබේ.
මැලේසියාවේ ටොප් ග්ලව් කර්මාන්තශාලා 41ක් පවත්වාගෙන යන අතර නේපාලයෙන් පැමිණ ඇති බොහෝ සේවකයෝ නේවාසිකාගාර සංකීර්ණවල වාසය කරති.
කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමග, පෞද්ගලික ආරක්ෂක උපකරණයක් වන අත්වැසුම් සඳහා විශාල ඉල්ලුමක් ඇති විය. කෙසේවුවද මෙම කර්මාන්තශාලාවල සේවකයන් වැඩිදෙනකු අඩු වැටුප් ලබන සංක්‍රමණික කම්කරුවන් බවත් සමාගම තුළ ශ්‍රමය සූරාකෑම සිදුවන බවට චෝදනා එල්ලවී ඇති බවත් සඳහන් වේ.
ටොප් ග්ලව් මේ වසරේ වාර්තාගත ඉහල ලාභයක් ලබා ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ.
සමාගම, සේවකයින්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට අපොහොසත්වීම හේතුවෙන් කම්කරුවන්ගේ ජීවිත අවදානමට ලක්කර ඇති බව කම්කරු අයිතිවාසිකම් සම්න්දබව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන පෙන්වා දෙති.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සේවකයින් 2500කට කොරෝනා - රබර් අත්වැසුම් කම්හල වසා දමයි