සිව් හැවිරිදි දැරියට ඉබේ මුත්‍රා පහවීමට දඬුවමක් ලෙස ඇගේ දෑත් ටේප් පටිවලින් ඔතා ඇයව කුණු බෑගයකට දමා නිවසේ යටම මහලේ අඳුරේ රඳවා තැබූ පෙනිසිල්වේනියාවේ යුවළකට එරෙහිව නඩු පැවරීමට ජොන්ස් ටවුන් පොලිසිය කටයුතු කර ඇත.

පසුගිය නොවැම්බර් 16 වැනිදා දැරියට මෙම දඬුවම දී ඇති බවත් දැරිය අක්මාවේ කම්පනයක් හා වෙනත් ආබාධ හේතුවෙන් රෝහල්ගත කර දින දෙකකට පසු සිද්ධිය අනාවරණය කර ගත් බවත් පොලිසිය කියයි.

34 හැවිරිදි ක්‍රිස්ටෝපර් නිව්මාන් සහ 31 හැවිරිදි ක්‍රිස්ටල් ජෙඩ්රේෂෙක් යුවළට එසේ ළමා හිංසනය සහ නොහික්මුණු කල්ක්‍රියාව යන චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කර ඇතැයි කියති..

නිව්මාන්ට බරපතල අඩම්තේට්ටම් කිරීම යන චෝදනාවද එල්ල වී තිබූ අතර උසාවි වාර්තා දක්වා තිබුණේ නිව්මාන් රිමාන්ඩ් කළ බවත් ජෙඩ්රේෂෙක් ඩොලර් 5000ක ඇප මත නිදහස් කැරුණු බවත්ය. ඔවුන්ට එරෙහි නඩු විභාගය දෙසැම්බර් 10 වැනිදා පැවැත්වේ.