සිව් හැවිරිදි දැරියට ඉබේ මුත්‍රා පහවීමට දඬුවමක් ලෙස ඇගේ දෑත් ටේප් පටිවලින් ඔතා ඇයව කුණු බෑගයකට දමා නිවසේ යටම මහලේ අඳුරේ රඳවා තැබූ පෙනිසිල්වේනියාවේ යුවළකට එරෙහිව නඩු පැවරීමට ජොන්ස් ටවුන් පොලිසිය කටයුතු කර ඇත.
පසුගිය නොවැම්බර් 16 වැනිදා දැරියට මෙම දඬුවම දී ඇති බවත් දැරිය අක්මාවේ කම්පනයක් හා වෙනත් ආබාධ හේතුවෙන් රෝහල්ගත කර දින දෙකකට පසු සිද්ධිය අනාවරණය කර ගත් බවත් පොලිසිය කියයි.
34 හැවිරිදි ක්‍රිස්ටෝපර් නිව්මාන් සහ 31 හැවිරිදි ක්‍රිස්ටල් ජෙඩ්රේෂෙක් යුවළට එසේ ළමා හිංසනය සහ නොහික්මුණු කල්ක්‍රියාව යන චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කර ඇතැයි කියති..
නිව්මාන්ට බරපතල අඩම්තේට්ටම් කිරීම යන චෝදනාවද එල්ල වී තිබූ අතර උසාවි වාර්තා දක්වා තිබුණේ නිව්මාන් රිමාන්ඩ් කළ බවත් ජෙඩ්රේෂෙක් ඩොලර් 5000ක ඇප මත නිදහස් කැරුණු බවත්ය. ඔවුන්ට එරෙහි නඩු විභාගය දෙසැම්බර් 10 වැනිදා පැවැත්වේ.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිව් හැවිරිදි දැරියට අමානුෂික දඬුවමක්
සාලිය Sunday, 06 December 2015 02:35 PM
ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ මේ වගේ අයට තමයි (හේ)
දුමින්ද Friday, 04 December 2015 08:57 AM
අනේ මෙහෙමත් දෙමාපියෝ ..... මේ වගේ අයට තමයි පාර මැද තියල ගල්ගහන්න ඕනේ..(බ)