පිස්තෝලයක් හිසට එල්ල කරගනිමින් සෙල්ෆී ඡායාරූපයක් ගැනීමට ගිය තරුණයකු එම පිස්තෝලය හදිසියේ පත්තුවීම නිසා වෙඩිවැදී මියගොස් ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ රමන්ඞීප් සිං නැමැති 15 වියැති නව යොවුන් තරුණයෙකි.
පොලිසිය පවසන ආකාරයට රමන්ඞීප් ඔහුගේ පියා සතු මිලිමිීටර .32 කැලිබර් වර්ගයට අයත් පිස්තෝලය අතැතිව සෙල්ෆී ඡායාරූපයකට පෙනී සිටීමට උත්සාහ කර ඇති අතර එය හදිසියේ කි‍්‍රයාත්මක වීම නිසාවෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ පිස්තෝලයේ ආරක්ෂක අගුල කි‍්‍රයාත්මක කර නොතිබූ බවත් සොයාගැනීමට හැකිවූයේයැයි පොලිසිය කියයි.
ගෙවුනු වසර තුනක කාලයේ සෙල්ෆී ඡායාරූප ගැනීමට ගොස් සිදුවූ මරණ සංඛ්‍යාව ආශ‍්‍රයෙන් සකස් කර ඇති අන්තර්ජාතික වාර්තාවක පළමු ස්ථානය හිමිව තිබෙන්නේ ඉන්දියාවටයි.
සෙල්ෆී ඡායාරූප ගැනීමට ගොස් සිදුවන අනතුරු ඉහළයාමේ ප‍්‍රවණතාවක් හඳුනාගත හැකිවූ නිසා ඉන්දියාවේ ඇතැම් ප‍්‍රදේශ ''සෙල්ෆී තහනම් කලාප'' ලෙස නම් කිරීමටද පසුගිය සමයේ ඉන්දියා බලධරයෝ කටයුතු කළෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබය හරි (නි)
අපෝ! අපි වැඩකරන තැනත් ඉන්නවා මේ වගේ මිනිස්සු. හැබැයි හිතා ඉන්නේ ඔක්කොම දන්නවා වගේ (නි)
අනේ අද කාලේ සිද්ධවෙන දේවල්? (නි)
පිස්තොලේ ට්‍රිගර් එකයි කැමරාවේ බටන් එකයි මාරුවෙලා ඇති (නි)
ඉන්දියානුකාරයෝ මේ වගේ මෝඩ වැඩ කරපු පළමු වතාව මෙය නොවෙයි. (නි)
මෙහෙමවත් වෙලා පාඩමක් ඉගෙනගත්තොත් ඇති (නි)
හරියට වඳුරට දැලිපිහිය අහුවුණා වගේ. (නි)