ගිනි අවියක් අතේ තියාගෙන සෙල්ෆියක් ගැනීමට ගිය ඇමෙරිකා තරුණයකු මරුමුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩීලිඔන් අලොන්සෝ ස්මිත් (19) නමැති මේ තරුණයා ඡායාරූපය ගැනීමේ දී අවිය පත්තුවී ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ උගුරට හානි සිදුවීම මරණයට හේතුවක් බව වෛද්‍යවරු පවසා ඇත. ත්‍රාසජනක සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේ දී මරණ කිහිපයක් ම ලොව පුරා වාර්තා වී ඇත.