ඉන්දියාවේ සිසුන් දෙදෙනෙකු ගංගාවක සෙල්ෆි ගැනීමට ගොස් දියේ ගිලි ජිවිතක්ෂයට පත්වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාවේ රාම්පුර් දිස්ත්‍රික්කයේ කෝසී ගංගාවේ ප්‍රචණ්ඩ දියවැල් සහිත ජලයේ මැදට ගොස් සෙල්ෆි ගැනීමට ගොස් මෙම අනතුර සිදු වී තිබේ. සිරුරු සොයා ගැනීමට පැයකට වඩා කාලයක් ගත වූ බව පොලිසිය පවසයි.
ඔවුන් දෙදෙනා ඇතුළුව සිසුන් පිරිසක් එම ගංගාවේ චාරිකාවක් සදහා ගොස් ඇත. එම පිරිස ගංගාවේ දිය නෑ බවත් එම චාරිකාවට සහභාගී වූ 12 දෙනෙකු ආරක්ෂිතව සිටි බවත් සදහන් වේ.
ඒ අසල පිහිටි වාන් දොරටුවක් විවෘත කිරීම හේතුවෙන් ඇති වූ ප්‍රචණ්ඩ ජල පහරක් නිසා මෙම අනතුර සිදුවූ බව ඇසින් දුටුවෙකු ප්‍රකාශ කර තිබේ. එම ගංගාව නිතර පිටාරගැලීම් වලට ලක්වයි.
ඉන්දියාවේ මිට පෙර අවස්ථා කිහිපයකදී සෙල්ෆි ගැනීමට ගොස් කිහිප දෙනෙක් ජිවිතක්ෂයට පත් වූහ.
මීට පෙර ඉන්දියාවේ යම් යම් ස්ථාන වල සෙල්ෆි ගැනීම තහනම් කෙරුණු අතර යම් ස්ථාන සෙල්ෆි ගැනීමට අනතුරුදායක ස්ථාන ලෙස නම් කෙරිණි. මුම්බායි පොලිසිය විසින්ද ස්ථාන 15ක් එලෙස නම් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd