ඉන්දියාවේ දකුණු දිග තමිල්නාඩු ප්‍රාන්තයේ ජලාශයක් ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය කාන්තාවක් සහ ඇගේ පවුලේ සාමාජිකයින් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

කාන්තාවගේ සැමියා සහ ඇගේ සොහොයුරියක දිවි බේරාගැනීමට සමත් වී ඇති අතර උත්තරංගරීහි පම්බා වේල්ල අසලදී මෙම අනතුර සිදුවී ඇත.

තරුණ වියේ පසුවූ මොවුන් හය දෙනාම අත් අල්ලාගෙන ජලාශයට බැස සෙල්ෆි ඡායාරූප ගැනීමට සැරසුණු අවස්ථාවේ මෙසේ අනතුරට ලක්වී ඇති බව පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇතැයි සඳහන් වේ.

මියගිය අය අතර අවුරුදු 14ක පිරිමි දරුවකුද සිටින බව පැවසේ. ලෝකයේ සෙල්ෆි අනතුරු වැඩිපුරම සිදුවන රට ලෙස සඳහන් වන්නේ ද ඉන්දියාවයි. 

 

(බීබීසි ඇසුරිණි - 085)