IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සෙල්ෆි ගත්තොත් පොලිසි යන්න වෙයි

ඉන්දියාවේ මුම්බායි නගරයේ හඳුනාගත් ස්ථාන 15ක සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම් කිරීමට එරට පොලිසිය තීරණය කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.

මුම්බායිහි භන්ද්‍රා කොටුව අසල ගිර්ගෝමි චවුපති වෙරළ තීරයේදී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණියක් මුහුදට වැටීම හේතුවෙන් මේ තීරණය ගෙන ඇතැයි කියති.

මුම්බායි පොලිස් ප්‍රකාශකයකු වන ධනංජය කුල්කර්නි බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ එම ප්‍රදේශවල සෙල්ෆි ඡායාරූප ගැනීමට යාම අවදානම් බවයි. භන්ද්‍රා කොටුව , සියොන් කොටුව, වෝර්ලි කොටුව ආදී සංචාරක ආකර්ශනය දිනාගත් ප්‍රදේශවල මෙම තහනම ක්‍රියාත්මක බව පොලිසිය කියයි.

 



අදහස් (0)

සෙල්ෆි ගත්තොත් පොලිසි යන්න වෙයි

විජිත් Friday, 15 January 2016 01:42 AM

ඩිංගි,සම්පත් ද සිල්වා, ස්තුතියි. (නි)

:       0       0

සම්පත් ද සිල්වා Thursday, 14 January 2016 01:44 PM

විජිත් මැන්ටලයක් නෙමෙයි හොඳ කෙනෙක් (බ)

:       0       0

ඩිංගි Thursday, 14 January 2016 07:57 AM

විජිත්, ඔබ හොඳ විචාරකයෙක්, අනවශ්‍ය කොමෙන්ට් දමන්නේ නැතිව මේවගේ හරවත් දෙයක් ඇතුලත් කිරීම ඉතා වැදගත්. (කෞ)

:       0       0

විජිත් Wednesday, 13 January 2016 10:17 AM

ගතවන හැම තත්පරයකදිම ලෝකයේ කොහේ හෝ තැනක 12 ක් පමණ ගැනෙන, දිනකට 10 ලක්ෂයක් පමණ ගැනේ යයි සිතන මේ "සෙල්ෆි " උන්මාදය සමහරුන්ට නොදැනිම මරු කැඳවන්නකි.තමාට තමුන්ම ඇඳීම හෙවත් මේ සෙල්ෆි අපේ මිනිස් ගතිවලට ගැලපෙන නවීන තාක්ෂණික යෙදුමක් වන අතර, මේ ඡායාරූපවලින් 75% පමණ වයස අවුරුදු 18- 24 අතර අය විසින් ගන්නා බව මෑතකදී කළ සමීක්ෂණයකදී හෙළිවිය. ඒ විතරක් නොවෙයි..ලෝකප්‍රකට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය 2013 වසර නම්කළේ " සෙල්ෆි" වසරලෙසයි. තමන් සිටිනා තැනෙහි ඇති අවදානම්බව ගැන හොඳින් අවබෝධ කරගෙන, ඒ අවබෝධයට , තමන්ගේ අනෙකුත් හැගීම්වලට වඩා මුල්තැන දුන්නොත්,සෙල්ෆි මාරාන්තික නොවෙන බවයි මගේ අදහස. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 529 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site