ඉන්දියාවේ මුම්බායි නගරයේ හඳුනාගත් ස්ථාන 15ක සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම් කිරීමට එරට පොලිසිය තීරණය කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.
මුම්බායිහි භන්ද්‍රා කොටුව අසල ගිර්ගෝමි චවුපති වෙරළ තීරයේදී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණියක් මුහුදට වැටීම හේතුවෙන් මේ තීරණය ගෙන ඇතැයි කියති.
මුම්බායි පොලිස් ප්‍රකාශකයකු වන ධනංජය කුල්කර්නි බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ එම ප්‍රදේශවල සෙල්ෆි ඡායාරූප ගැනීමට යාම අවදානම් බවයි. භන්ද්‍රා කොටුව , සියොන් කොටුව, වෝර්ලි කොටුව ආදී සංචාරක ආකර්ශනය දිනාගත් ප්‍රදේශවල මෙම තහනම ක්‍රියාත්මක බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිංගි,සම්පත් ද සිල්වා, ස්තුතියි. (නි)
විජිත් මැන්ටලයක් නෙමෙයි හොඳ කෙනෙක් (බ)
විජිත්, ඔබ හොඳ විචාරකයෙක්, අනවශ්‍ය කොමෙන්ට් දමන්නේ නැතිව මේවගේ හරවත් දෙයක් ඇතුලත් කිරීම ඉතා වැදගත්. (කෞ)
ගතවන හැම තත්පරයකදිම ලෝකයේ කොහේ හෝ තැනක 12 ක් පමණ ගැනෙන, දිනකට 10 ලක්ෂයක් පමණ ගැනේ යයි සිතන මේ "සෙල්ෆි " උන්මාදය සමහරුන්ට නොදැනිම මරු කැඳවන්නකි.තමාට තමුන්ම ඇඳීම හෙවත් මේ සෙල්ෆි අපේ මිනිස් ගතිවලට ගැලපෙන නවීන තාක්ෂණික යෙදුමක් වන අතර, මේ ඡායාරූපවලින් 75% පමණ වයස අවුරුදු 18- 24 අතර අය විසින් ගන්නා බව මෑතකදී කළ සමීක්ෂණයකදී හෙළිවිය. ඒ විතරක් නොවෙයි..ලෝකප්‍රකට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය 2013 වසර නම්කළේ " සෙල්ෆි" වසරලෙසයි. තමන් සිටිනා තැනෙහි ඇති අවදානම්බව ගැන හොඳින් අවබෝධ කරගෙන, ඒ අවබෝධයට , තමන්ගේ අනෙකුත් හැගීම්වලට වඩා මුල්තැන දුන්නොත්,සෙල්ෆි මාරාන්තික නොවෙන බවයි මගේ අදහස. (බ)