IMG-LOGO

සැලසුම් කළ දිනයට පෙර අයවැය ඉදිරිපත් කරන බව ඕස්ට්‍රේලියානු අගමැති පවසයි

                              
 

සැලසුම් කළ දිනයට කලින් අයවැය ඉදිරිපත් කරන බව ඕස්ටේ්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් අද (27) පැවැසීය.                                                
ලබන මැයි මාසයේදී මැතිවරණයට සූදානම් වන බැවින් එලෙස නියමිත කාලයට පෙර අයවැය ඉදිරිපත් කරන බව අගමැතිවරයා කීවේය.
                       

ලිබරල් පක්ෂයේ මන්ත්‍රීවරියක එම පක්ෂයෙන් ඉවත් වීමත් සමඟ අර්බුදයකට මුහුණ දී සිටින එම පක්ෂයේ තවදුරටත් පසුබෑමකට මුහුණ දුන්නේය. 

වසර 2007/2008 පසුව අතිරික්තයක් සහිත අයවැයක් ඉදිරිපත් කරන බව අගමැති මොරිසන් කීය. ජූලි 1 වැනි දිනෙන් පටන් ගන්නා මූල්‍ය වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර එය අප්‍රේල් 2 වැනිදා ඉදිරිපත් කරන බව මොරිසන් කීවේය. එය සාමාන්‍ය ක්‍රමවේදයට මාසයක් කලිනි. 

ස්කොට් මොරිසන්ගේ නායකත්වයෙන් යුත් ‘කන්සර්වේටිව් ලිබරල්-නැෂනල්’ සන්ධාන ආණ්ඩුව ලබන මැයි මාසයේදී මහ මැතිවරණය ප්‍රකාශ කිරීමට නියමිතය. කෙසේ නමුත් මැතිවරණයෙන් ආණ්ඩුව දැවැන්ත පරාජයකට මුහුණ දෙනු ඇතැයි ද මධ්‍යස්ථ මතධාරී කම්කරු පක්ෂය ජයගනු ඇතැයි සමීක්ෂණ වාර්තා සඳහන් කරයි. 

 

055



අදහස් (1)

සැලසුම් කළ දිනයට පෙර අයවැය ඉදිරිපත් කරන බව ඕස්ට්‍රේලියානු අගමැති පවසයි

vishaka Tuesday, 27 November 2018 06:34 PM

ඔහේ එහෙම කළාට මෙහෙ අය වැය ඉදිරිපත් කරගන්න බැරි උනාම පුටු පෙරලලා බඩුමුට්ටු කඩල පොඩි සද්දයක් දාල මාරුවෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1798 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 578 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site