සැලසුම් කළ දිනයට කලින් අයවැය ඉදිරිපත් කරන බව ඕස්ටේ්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් අද (27) පැවැසීය.
ලබන මැයි මාසයේදී මැතිවරණයට සූදානම් වන බැවින් එලෙස නියමිත කාලයට පෙර අයවැය ඉදිරිපත් කරන බව අගමැතිවරයා කීවේය.
ලිබරල් පක්ෂයේ මන්ත්‍රීවරියක එම පක්ෂයෙන් ඉවත් වීමත් සමඟ අර්බුදයකට මුහුණ දී සිටින එම පක්ෂයේ තවදුරටත් පසුබෑමකට මුහුණ දුන්නේය.
වසර 2007/2008 පසුව අතිරික්තයක් සහිත අයවැයක් ඉදිරිපත් කරන බව අගමැති මොරිසන් කීය. ජූලි 1 වැනි දිනෙන් පටන් ගන්නා මූල්‍ය වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර එය අප්‍රේල් 2 වැනිදා ඉදිරිපත් කරන බව මොරිසන් කීවේය. එය සාමාන්‍ය ක්‍රමවේදයට මාසයක් කලිනි.
ස්කොට් මොරිසන්ගේ නායකත්වයෙන් යුත් ‘කන්සර්වේටිව් ලිබරල්-නැෂනල්’ සන්ධාන ආණ්ඩුව ලබන මැයි මාසයේදී මහ මැතිවරණය ප්‍රකාශ කිරීමට නියමිතය. කෙසේ නමුත් මැතිවරණයෙන් ආණ්ඩුව දැවැන්ත පරාජයකට මුහුණ දෙනු ඇතැයි ද මධ්‍යස්ථ මතධාරී කම්කරු පක්ෂය ජයගනු ඇතැයි සමීක්ෂණ වාර්තා සඳහන් කරයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ එහෙම කළාට මෙහෙ අය වැය ඉදිරිපත් කරගන්න බැරි උනාම පුටු පෙරලලා බඩුමුට්ටු කඩල පොඩි සද්දයක් දාල මාරුවෙනවා.