ස්ලෝවැකියාවේ පැවැති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ පළමු වරට ජනාධිපති ධුරයට කාන්තාවක් පත්වූවාය.
දූෂණ හා වංචාවලට එරෙහිව සටන් වැදුණු සුසානා කපුටෝවා එලෙස ස්ලෝවැකියාවේ ජනාධිපති ධුරයට පත්වූවාය. හතළිස් පස් හැවිරිදි වියේ පසුවන සුසානා කපුටෝවා පරිසර නීතිඥවරියක සහ සමාජ ක්‍රියාකාරිනියක ද වන්නීය.
දේශපාලනයට නවකයකු වන සුසානා කපුටෝවා කරළියට පැමිණියේ මාධ්‍යවේදී යාන් කුසියැක්ගේ ඝාතනයත් සමඟය. ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන යාන් කුසියැක් සහ ඔහුගේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඝාතනයට ලක්වූහ. ඔවුන් දෙදෙනාගේ ඝාතනය හේතුවෙන් ස්ලෝවැකියාව තුළ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් ඇති වූ අතර එම නිසා එවකට සිටි අග්‍රාමාත්‍යරයාට ධුරයෙන් ඉවත් වීමට ද සිදුවිය.
ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලවලින් සියයට 58.4ක් හිමි කරගැනීමට සුසානා කපුටෝවා සමත් වූවාය. සුසානා කපුටෝවාගේ ප්‍රතිවාදියා වූයේ පාලක පක්ෂයේ මාර්කෝස් සෙෆ්කොවික් ය. ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ඔහුට හිමි කරගැනීමට හැකිවූයේ සියයට 41.6 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ඔහු යුරෝපා සංගමයේ බලශක්ති කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කරයි.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්ලොවැකියාවේ ජනපතිධුරයට කාන්තාවක්
Perakum Monday, 01 April 2019 04:27 AM
ඉතා සුභ ආරංචියක්. හොඳ ප්‍රවණතාවයක්. මෙයත් අන්තිමට සුසානයේ කපුටාගේ තත්වයට වැටුනොත් වැඩක් නෑ.
wedage Monday, 01 April 2019 06:23 AM
ලෝකේ ලස්සන වන්නට කාන්තා ඕනෑවේ....... දුෂණ වංචා එමගින් නැසුනාවේ